මුලික පාඩම් මාලාව පරිණාමක හෙවත් ට්‍රාන්ස්ෆෝමර් - අංක 02
මුලික පාඩම් මාලාව පරිණාමක හෙවත් ට්‍රාන්ස්ෆෝමර් - අංක 02
පරිණාමක වර්ගීකරණය
01. අධිකර පරිණාමක - (Step-Up Transformers)
අධිකර පරිණාමක යනු වෝල්ටීයතාවය වැඩිකර ගැනීම සදහා යොදාගන්නා පරිණාමක වර්ගයකි. බල පද්ධති සදහා පරිණාමක වල අවශ්‍යතාවය පහත නිදසුන මගින් අවබෝධ කර ගැනීමට හැකිවේ.
විදුලි බලාගාරයක සිට ඉතා දුර බැහැර එනම් 100Km දුරින් ඇති යම් ප්‍රදේශයකට අවශ්‍ය විදුලි බල ඉල්ලුම 5.75MW යයි සිතමු. වෝල්ටීයතාවය 230v නම් ජව සාධකය Cos Ø = 1 ලෙස සැලකූ විට සැපයුමෙන්, ලබා ගන්නා ධාරාව (I) වනුයේ,
I = P/ V.Cos Ø
I = 5750 000/ 230 x1
I = 25000A
මෙවන් විශාල ධාරාවක් ගලා යෑමේදී ඇතිවන විභව බැස්ම (V=IR) අධික වන අතර, හානි වන විදුලි ජවයද (P=I2 R) අධික වේ. එබැවින් ඒ සදහා යෙදිය යුතු කේබලයේ ප්‍රමාණයද අවම වශයෙන් 4m2 වනු ඇත. මෙවන් කේබල් යෙදීම කිසිසේත් ප්‍රායෝගික නොවේ.
මෙම තත්වය මග හැරීම සදහා වෝල්ටීයතාවය වැඩි කිරීමෙන් ධාරාව අඩු කර, විදුලි බලය පාරිභෝගිකයා වෙත සම්ප්‍රේෂණය කෙරේ. මේ සදහා අප ඉහතින් සදහන් කල අධිකර පරිණාමක භාවිතා කෙරේ. එනම් ජනනය කරනු ලබන 12.5 kV පමණ වන වෝල්ටීයතාවය 132kV හෝ 220kV පමණ වෝල්ටීයතාවයක් දක්වා අධිකර පරිණාමක මගින් වැඩි කර සම්ප්‍රේෂණය කිරීමෙන් ඉහත විස්තර කල පරිදි ධාරාව ඊට අනුරූපව අඩු වන නිසා කුඩා හරස්කඩ වර්ගඵලයක් ඇති සන්නායක භාවිතා කිරීමට අවස්ථාව හිමිවේ.
02. අවකර පරිණාමක (Step - Down Transformers)
අවකර පරිණාමක යනු වෝල්ටීයතාවය අඩු කර ගැනීමට යොදා ගන්නා පරිණාමක වේ. බල පද්ධති සැලකීමේදී ඉහත විස්තර කල පරිදි ඉහළ නංවන ලද අධි වෝලටීයතාවය (132kV හෝ 220kV) පාරිභෝගික මධ්‍යස්ථාන කරා ගෙන ඒමෙන් අනතුරුව නැවත අවකර පරිණාමක මගින් 33kV පමණ වෝල්ටීයතාවයකට අඩු කර, විශාල කර්මාන්ත ශාලා සදහා ලබා දේ. තව දුරටත් ඒ ඒ පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවය පරිදි, 33kV වෝල්ටීයතාව, 11kV දක්වාත් 400V දක්වාත් අඩුකර ගැනීමට අවකර පරිණාමක යොදා ගනී.
03. වෙන් කිරීමේ පරිණාමක ( Isolate Transformers)
වෙන් කිරීමේ පරිණාමක බොහෝ විට ආරක්ෂක උපක්‍රමයක් ලෙස යොදා ගැනේ. මෙම පරිණාමක වල ප්‍රාථමිකයේ වට ගණන ද්වීතීකයේ වට ගණනට සාමාන වේ. එබැවින් ප්‍රාථමිකයේ හා ද්වීතීකයේ වෝලටීයතාවය සමාන වේ. ද්වීතීකයේ දගරය ප්‍රධාන සැපයුමට සම්බන්ධ නොවන බැවින් සැපයුම් වෝල්ටීයතාවයට සමාන වෝල්ටීයතාවයකින් ක්‍රියාත්මක වන උපකරණ යම් බිම් දෝෂයක් ඇති වුවහොත් එය ප්‍රධාන සැපයුමට සම්බන්ධ නොවන බැවින්, එය භාවිතා කරන්නාට විදුලි සැර නොවදී. එබැවින් මේවා ආරක්ෂක උපක්‍රමයක් ලෙස කර්මාන්තශාලවල ඊයම් පැස්සුම් උපකරණ (Soldering Iron) මැහුම් යන්ත්‍ර, වැඩ බංකු ( Work Bench) සහ නාන කාමරවල භාවිතා කරන විදුලි උපකරණ සදහා යොදා ගනී.
04. ධාරා පරිණාමක - ( Current Transformers)
ධාරා පරිණාමක සම්බන්ධව ඔබට මතක ඇති මම මුලින් සම්පුර්ණ ලිපියක් ඉදිරිපත් කරා. එය ඔබ නොබැලුවේනම් පිටුවේ පහත බලන්න.
ධාරා පරිණාමක අධික ධාරාවක් මැනීම සදහා යොදා ගනී. සන්නායකයක් තුලන් අධික ධාරාවක් ගමන් කිරීමේදී ඒ වටා ඇතිවන චුම්භක ස්රාවය ධාරා පරිණාමකයේ හරය මගින් කැපීම මගින් දගරයේ උපදින ධාරාව ඇමිටරයකට සම්බන්ධ කර ධාරව මනිනු ලැබේ. ධාරා පරිණාමකයක ප්‍රාථමික දගරය මනින ලබන සන්නායකය වන අතර, ද්වීතීක දගරය ධාරා පරිණාමකයේ දගරයයි. එසේනම් ප්‍රාථමික දගරයට වඩා ද්වීතීක දගරයේ වට ගණන වැඩි නිසා ද්වීතීක දගරයේ ධාරව ඉතා අඩු වන අතර, ද්වීතීක දගරයේ ධාරාව බොහෝවිට 5A හෝ 1A වේ. එනම් මේවායේ ධාරා අනුපාත (Current Ratios) 50/5, 100/5, 500/5, 800/5, 1000/5 ආදී වශයෙන් පවතී.
ධාරා පරිණාමක මිනුම් ලබා ගැනිමට අමතරව, ආරක්ෂණ පිළියවන (Protection Relays) සදහා සංවේදක (Sensors) ලෙස යොදා ගැනේ.
මෙහි ප්‍රාථමික දගරයන්ට වඩා ද්වීතක දගරයේ වට ගණන ඉතා වැඩි නිසා එහි අග්‍රවල අධික වෝල්ටීවතාවයක් පවතී, එබැවින් එහි අග්‍ර කිසිම විටෙකවත් විවෘත පරිපථ (open Circuit) කර නොතැබිය යුතුය. ඇමීයරව සම්බන්ධ කර නොමැති අවස්ථාවන එහි අග්‍ර කෙටි පරිපථ (Short Circuits ) කර තැබිය යුතුය.
තවත් කොටසකින් ඊලග පාඩමෙන් හමුවෙමු...
ගයාන් බණ්ඩාර - Tech For You
Short circuit kalama coil eka high ampeir aran damage wenne nadda
ReplyDeleteNs
DeleteNa
Delete