ප්‍රතිදීප්ත පහන - පියරුසි පහන- FLUORESCENT LAMP - ක්‍රියාකාරීත්වය වටහා ගනිමු.
ප්‍රතිදීප්ත පහන - පියරුසි පහන- FLUORESCENT LAMP - ක්‍රියාකාරීත්වය වටහා ගනිමු.
ඉහත පරිපථයේ දැක්වෙන ආකාරයට උපකරණ කොටස් සම්බන්ධ කිරීමෙන් ප්‍රතිදීප්ත පහන් පරිපථයක් සකසා ගත හැකිය. ප්‍රත්‍යාවර්ත ධාරා විදුලි සැපයුම වන 230V /50Hz සැපයුම L හා N අග්‍ර වලට ලබා දුන් විට සුලු වේලාවක් පමණක් ආලෝක ගැස්මක් ඇතිවී බල්බය දැල්වේ.
L හා N අග්‍ර වලට සැපයුම ලැබුණු වහාම එම සැපයුම Choke එක හා එහි Filament හරහා Starter යේ ඉලෙක්ට්‍රෝඩ දෙක අතර පිහිටයි. අඩු පරතරයක් අතර පිහිටුවා ඇති මෙම ඉලෙක්ට්‍රෝඩ දෙක අතරට 230V සැපයුම ලැබීම නිසා මෙහි ද්වී ලෝහ පටි දෙක අතර ගිනි පුලිගුවක් හට ගනී. මෙම ගිනිපුලිගුව නිසා ඇතිවන තාපය හේතුකොටගෙන ද්වී ලෝහ පටි රත්වි ප්‍රසාරණය වීමෙන් එකිනෙකට සම්බන්ධ වේ. මෙය Choke එක හා Filament එක හරහා සජීවි හා උදාසීන සැපයුම් කෙටි පිරිපථ (Short Circuit) වීමකි.එබැවින් මෙම අවස්ථාවේදී පරිපථය හරහා වැඩි ධාරවක් ගලා යයි. මෙම වැඩි ධාරව පරිපථයේ Filament එක හරහාද ගලා යයි. එවිට Filament එක රත්වීම නිසා ඒ අවට ඇති රසදිය වාෂ්ප එම තාපය උරාගනිමින් අයනීයකරණයට භාජනය වේ.
මෙම අවස්ථාව වන විට Starter යේ ද්වී ලෝහ පටි එකිනෙකට සම්බන්ධ වී ඇති නිසා, ගිනි පුලිගුවක් හට නොගන්නා අතර එබැවින් ද්වීලෝහ පටි දෙක ක්‍රමයෙන් ලිහිල්වී එකිනෙක ඈත් වේ. මෙසේ ද්වී ලෝහ පටි දෙක වෙන් වන අවස්ථවේදී Choke එකේ ස්වයං ප්‍රෙරණය (Self Inductance) මගින් 500V සිට 1000V පමණ අධි වෝල්ටීයතාවයක් නිකුත් කෙරේ. මෙම වෝල්ටීයතාවය ප්‍රතිදීප්ත පහනට ලැබීම නිසා Filament දෙක අතර අයනීයකරණයෙන් නිදහස් වී ඇති ඉලෙක්ට්‍රෝන එක් පසෙක සිට අනෙක් පස ඇති Filament එක දක්වා පැන්නවීම හෙවත් මුලික ඉලෙක්ට්‍රෝන හුවමාරුව සිදුවී ප්‍රතිදීප්ත පහන දැල්වුණ පසු බල්බයට ලැබුණු වෝල්ටීයතාවය අඩු වුවද අයනීයකරණය භාජනය වී ඇති රසදිය වාෂ්ප හරහා දිගින් දිගටම ධාරව ගලා යයි.
ස්වයං ප්‍රේරණය මගින් Choke එකෙන් අධි වෝල්ටීයතාවයක් නිකුත් කරනු ලබන්නේ බල්බය දැල්වීම ආරම්භ වන මොහෙතේදී පමණි. තවද එලෙස බල්බය දැල්වෙමින් පවතින විට Starter යේ ද්වී ලෝහ පටි අතරට ලැබෙන වෝට්ටීයතාවය අඩු බැවින් එම ඉලෙක්ට්‍රෝන දෙක අතර Spark වීමක් සිදු නොවේ.
ප්‍රතිදීප්ත පහන දැල්වෙන අවස්ථවේ ජව සාධකය (Power Factor) 0.5 පමණ අගයක් ගනී. මෙය දුර්වල ජව සාධකයක් බැවින් පරිපථයේ ගලන ධාරව මදක් වැඩි වේ. එබැවින් පරිපථයේ ජව සාධකය දියුණු කිරීමෙන් පරිපථයේ ගලන ධාරව අඩු කරගත හැක. එසේ වුවහොත් විදුලි බිල අතින් ආර්ථික ලාභයක්ද අත් කර ගත හැකිය. මේ සදහා පරිපථයට සමාන්තරව ධාරිත්‍රක සම්බන්ධ කරනු ලැබේ. මෙලෙස පරිපථයට සමාන්තරව ධාරිත්‍රක සම්බන්ධ කිරීමෙන් සිදු වන්නේ Choke එකේ දගරය මගින් හටගන්නා ප්රෙරණමය ප්‍රතික්‍රියක ජවය Inductive Reactive power ධාරිත්‍රකයේ හටගන්නා ධාරිත්‍රකමය ප්‍රතික්‍රියක ජවය Capacitive Reactive Power මගින් උදාසීන කිරීමයි. එවිට පරිපථයේ ජව සාධක අගය 0.5 සිට 1 දක්වා ආසන්න කල හැකිය. 20W, 40W හා 65W ප්‍රතිදීප්ත පහන් පරිපථ වල ජව සාධකය දියුණු කිරීම සදහා යෝග්‍ය ධාරිත්‍රක අගයන් වන්නේ 3uf- 5uf අතර ධාරිත්‍රක අගයන් වේ. මෙම ධාරිත්‍රක යොදා ගැනීමේදී ඒවායේ වෝල්ටීයතාවය 350V පමණ අගයකින් යුත්ත විය යුතු වේ.
එසේ නම් අප ඉදිරියේදී මෙම ජව සාධකය දියුණු කිරීම පරීක්ෂණයක් මගින් ඔබට ඉදිරපත් කරන්න බලාපොරොත්තු වෙනවා.
විදුලි කාර්මික පාඨමාලාවන් හදාරන ඔබ ජව සාධකය දියුණු කිරීම සම්බන්ධව මුලික දැනුම ඉන් ඔබට ලබා ගත හැකි වේ.
ඉතින් නිරතුරුවම විදුලි කාර්මික ශේත්‍රයට කැමැත්තක් දක්වන අය අප සමග රුදි සිටින්න
දන්න යාලුවන්ට මේ ගැන කියන්න දැනුවත් කරන්න
Facebook Group එක Share කරන්න
මම ගයාන් බණ්ඩාර
Tech For You සමුහය වෙනුවෙන්
0764096053 Whatsapp
Comments
Post a Comment