වසර සිය ගණනක අනාගතය තනිව ගොඩනැගූ විද්‍යාඥයා - නිකොලා ටෙස්ලා- ජීවිත කතා 01 - Nikola Tesla

ඉතිං යාලුවනේ ඔයාලට ගොඩාක් ස්තුතියි මගේ ලිපි කියවනවට, ඇත්තටම මම ගොඩාක් කරුණු හොයලා ලිපියක් හදලා ඒක ටයිප් කරල ඔයාලට ලබා දෙන්නේ දැඩි පරිශ්‍රමයක් දරලා. සමහර විට ඔයාලට නැතත් ඔයාගෛ් නංගි මල්ලි , පුතා දුවට හරි මෙම ලිපි කියවීමෙන් යම් දැනුමක් ලැබෙන්නේනම් එයයි මගේ බලාපොරොත්තුව..
මේ වෙනකම් මම ඉදිරිපත් කල බොහොමයක් ලිපි විදුලිය සම්බන්ධ, න්‍යායික දැනුම සම්බන්ධ දේවල්. ඉතිං මම කල්පනා කරා පොඩ්ඩක් වෙනසකට එක්ක විදුලි ක්ෂේත්‍රයේදී අපට වැදගත්වන පුද්ගලයින් ගැන කතා කරන්න.
නිකොලා ටෙස්ලා -
ඇත්තටම මේ නම අහලා ඇති, මම අද මේ ලිපිය සකසන්නෙත් මෙතුමාගේ කැපවීමේ ප්‍රථිපලයක් විදියට කීවොත් නිවැරදියි. ඇත්තටම එතුමා තමයි ප්‍රත්‍යාවර්ථ විදුලිය ලෝකයට සොයාගත්තේ. එතුමා සොයාගත්තේ නැතිනම් පසු කාලීනව තවත් කෙනෙක් ඒක සොයාගනී, නමුත් මෙතුමාගේ දැඩි කැපවීමෙන් තමා මෙම විදුලිය සොයාගන්නේ.
ඊට අමතරව
- ටෙස්ලා දගරය නිර්මාණය කිරීම
- මරණයේ කිරණ හෙවත් Death Ray සොයා ගැනීම
වැනි විශිෂ්ට නව නිපැයුම් රාශිකය හිමිකම මෙතුමාට තියෙනවා. මුලු ලෝකයටම නොමිලේ විදුලිය ලබාදීමයි මොහුගේ ජීවිතයේ අරමුණ වුනේ, නමුත් යම්තාක් දුරට එය සාර්ථක වීම නිසා අපි අද භාවිතා කරන විදුලිය අපට ලැබිලා තියෙනවා.
ටෙස්ලා 1856 දී ක්‍රොඒෂියාව නම් රටේ තමයි උපත ලබන්නේ. ඔහුගේ පියා කතෝලික පුජකයෙක්, එම නිසා ඔහුගේ පියාට ඕන වෙනවා ඔහුද එම වෘත්තියට ඇතුලත් කරන්න. නමුත් මොහු වැඩියෙන් උනන්දුව දැක්වූයේ විද්‍යාව සම්බන්ධයෙන්,
ටෙස්ලාගේ මව ශ්‍රමය ඉතිරි කරගන්න නව නිර්මාණ කරන කාන්තාවක්, ටෙස්ලා නිතරව ඇයව අගේ කරමින් ඔහුත් විද්‍යාව පැත්තටම යොමු වුනා.
ඉතිං මෙහෙම ටෙස්ලට අවු.17 වන විට දරුණු රොගයකින් පීඩා විදින්න සිදු වුණා. මේ නිසා ඔහුට මාස 09 පමණ ඇදට වී කල් ගෙවන්නට සිදු වුණා.
මේ සිද්ධියේදී ටෙස්ලාගේ පියා දෙවියන් වෙත භාරයක් වුණා තමා දරුවා සනීප වුවහොත් නාවික විද්‍යාව පිළිබදව හදාරන්න පාසලකට ඇතුලත් කරනවා කියාල.
ටෙස්ලට සුව වීමෙන් පසු ඔහු Austria Pholitechture කියලා නාවික පාසලකට ඇතුලත් කරනවා,
මෙහිදී කවුරුවත් නොසිතු අන්දමින් පළමු වසර තුල ටෙස්ලා විශිෂ්ට සාමාර්ථ දක්වනවා. ඒ වාගේම ඔහුට විද්‍යාවේ ඇති එක එක සංසිද්ධීන් තේරුම් යන්න පටන් ගත්තා.
ඒ වගේම ඔහු විදුලිය පිළිබදව ඉතාමත් ගැඔුරෙන් හදාරන්න පටන් ගත්තා. ඔහු දිවා රූ නොබලා නිදි නොලබා මේ විදුලිය පිළිබද පරේෂණ කිරීමට පටන් ගත්තා. නිදි නැතිව එකදිගට වැඩ කිරීමෙන් ඔහුට යම් රෝගයක් ඇතිවේයැයි බියෙන් ඔහුගේ පාසලෙන් ටෙස්ලාගේ නිවසට ලියුම් පවා මේ වකවානුවේදී ලැබුණලු.
කෙසේ වෙතත් ඊ ලග වසර තුල දී ඔහු තුල විශාල කඩා වැටීමක් දක්නට ලැබුණා. සූදු කෙළියට දැඩි ලෙස ඇබ්බැහි වූ ටෙස්ලා තමා ශිෂ්‍යත්ව පවා අහිමි කරගෙන පාසලෙන් ඉවත් කරන තැනටම පත්වෙනවා.
ඊට පසුව උපාධියක් නොමැතිව පාරට බහින් මොහු දැඩිව අධිෂ්ඨානයක් ගොඩනගාගෙන මොහු විදුලි කාර්මික ශිල්පියෙකු වශයෙන් දුරකථන සන්නිවේදන ආයතනයක තම රුකියාව ආරම්භ කරනවා. මෙහිදී ඔහු ඉතා පරිපුර්ණ දුරකථන වර්ධකයක් නිර්මාණය කරනවා.
ඊට පසුව ටෙස්ලා පැරීසියේ Continental Edison සමාගමේ රුකියාවට ඇතුලත් වෙනවා. මෙහිදී ඔහු විසින් විශිෂ්ඨ නව නිපැයුම් අත්හදා බලනවා. මේ හේතුවෙන් Edison ගේ අවධානය නිරතුරු ටෙස්ලා වෙත යොමු වෙනු ලැබුණා. Edison දැනගෙන හිටියා ටෙස්ලා අති දක්ෂයෙක් බව.
Edison (Tomas Alva Edison ) කියන්නේ විද්‍යාඥයෙක් වාගේම හොද ව්‍යාපාරිකයෙක්, ඔහු හැම වෙලේම සිතුවේ තමුන්ගේ ව්‍යාපාරික ලාබය විතරයි. නමුත් ටෙස්ලා හැම වෙලේම හිතුවේ දුප්පත් මිනිසුන් වෙනුවෙන් නව නිර්මාණ කිරීමයි. ඉතිං මේ දෙදෙනාගේ අදහස් නොගැලපීම නිසා ටෙස්ලා Edison ආයතනයෙන් ඉවත් වෙනවා.
ඉන්පසු ටෙස්ලා ඔහු සතුව ඇති පේටන්ට් බලපත්‍ර සමග ටෙස්ලා විදුලි ආලෝකකරණය හා නිෂ්පාදන යන නමින් නව සමාගමක් පටන් ගන්නවා. මේ සදහා ධනවත් ව්‍යාපාරිකයින් දෙපළක් ආයෝජනය කරන අතර නමුත් ටික දිනකින් මෙම ආයෝජකයන් මෙම ව්‍යාපාරයට මුදල් ලබා නොදීම නිසා, ව්‍යාපාරය බංකොලොත් වී ටෙස්ලා අන්ත අසරණ තත්වයට පත්වෙනවා.
ඉන්පසු ටෙස්ලට ජීවත් වෙන්න කාණු කපන්නෙකු වශයෙන් වැඩ කරන්න සිද්ධ වෙනවා. මෙි අතරෙදී ඔහු විසින් අපි අද භාවිතා කරන ප්‍රත්‍යාවර්ත විදුලිය සම්බන්ධයෙන් සොයා ගනු ලබනවා. එමගින් ඔහු විදුලි මෝටරයක් නිර්මාණය කරනු ලබනවා
ඉන්පසු ඔහුව Westing House නම් ආයතනයෙන් මාසිකය ඩොලර් 2000 ක වැටුපකට මිලදී ගන්නවා.
මෙම ආයතනය සම්පුර්ණ වශයෙන් පාදක වූයේ ප්‍රත්‍යාවර්ත ධාරා විදුලිය මත, Edison ගේ සමාගම මුලික වූයේ සරල ධාරා විදුලිය මත.
මේ හේතුවෙන් 1880 අග භාගයෙදී පමණ Edison හා Westing house යන ආයතන දෙක අතර විශාල තරහක් ඇති වෙනවා.
Edison ගේ විදුලිය එක් දිශාවකට ගමන් කරන සරල ධාරාවක් වන අතර, ටෙස්ලාගේ විදුලිය දිශාවන් දෙකකට ගමන් කරන ප්‍රත්‍යාවර්ථ විදුලියක් වුණා.
මේ වන විට New York වල විදුලි පද්ධතියේ ප්‍රමුඛයා වුණේ Edison නමුත් එම විදුලි පද්ධතියේ විශාල අඩුපාඩු තිබුණා.
Edison ගේ විදුලි සැකසුමට අනුව සෑම සැතපුම් දෙකකටම වරක් විදුලි බලාගාරයක් නිපදවීමට අවශ්‍ය වුණා. Edison ගේ ක්‍රමය නාගරිකව සාර්ථක වුවත් ඇමරිකාව වාගේ විශාල රටක නගර අතර විදුලිය සම්ප්‍රේෂණයට විශාල පිරිවැයක් යෙදවිය යුත්‍ර කටයුත්තක් වුණා.
නමුත් ටෙස්ලා මෙය වෙනස් කරන්න සමත් වුණා. ඔහු තේරුම් ගත්ත වැඩි දුරට විදුලිය අරන් යන්න පුලුවන් වන්නේ දෙකෙලවර වොල්ටීයතාවය ඉහළ දැමීමෙන් බව.
ටෙස්ලගේ විශේෂ ජයග්‍රහණයක් වන්නේ නයගරා දිය ඇල්ල ආශ්‍රිතව ඔහුගේ පළමු විදුලි බලාගාරය පිහිටැවීමයි. මෙමගින් මුලු New York නගරයටම විදුලිය සපයන්න ඔහුට හැකි වුණා.
මේ අතරේ Edison ටෙස්ලාව නැති කරන්න නොයෙක් පහත් ක්‍රියා කලා. ඔහු විසින් විශාල අලියෙකුට ප්‍රසිද්ධියේ විදුලි සැර වද්දවා අලියා මරා ටෙස්ලාගේ විදුලිය ඉතා අනතුරු දායකයි කියා ජනතාවට ඒත්තු ගන්වන්න කටයුතු කලා.
නමුත් ටෙස්ලා විසින මයිකල් ෆැරඩේ ගේ ෆැරඩේ කුටීර සිද්ධාන්තය උපයෝගී කොටගෙන ඇදුමක් නිර්මාණය කොට එය ඇදගෙන ප්‍රසිද්ධියේ ඉතා විශාල ධාරවක් තමා සිරුර හරහා යවා ගනිමින්, තම විදුලිය අනතුරුදායක නොවන බව ජනතාවය පෙන්වා දුන්නා.
මේ අතරතුර Edison ටෙස්ලාගේ පරීක්ෂණාගාරයට ගිනි තියලා සටහන්පොත් සියල්ල අලු කලා. නමුත් ටෙස්ලා කියන්නේ බුද්ධි මට්ටමෙන් ඉතා ඉහළ මෙන්ම, මතක ශක්තිය අතින් ඉතා ඉහළ කෙනෙක් නිසා ඔහුට ඔහගේ පරේෂණ සම්බන්ධව අකුරක් නෑරම මතක තිබුණා.
ටෙස්ලා විසින් සොයාගත් තවත් විශිෂ්ට නිර්මාණයක් වන්නේ ටෙස්ලා දගරයයි - Tesla coil
දැනට භාවිත කරන ගුවන් විදුලි, රූපවාහිනී යන්ත්‍ර ඇතුලු තරංග උපයෝගී කරගෙන ක්‍රියා කරන උපකරණයන්හි මුලික සිද්ධාන්තයක් වන්නේ මෙයයි.
මොහු විසින් අධි සංවේදී බෝට්ටුවක්ද නිර්මාණය කරන ලදී. අප අද භාවිතා කරන ඩ්‍රොන තාක්ෂණය, නාවික කටයුතු වැනි දේදී මෙම තාක්ෂණය භාවිතා වේ.
ටෙස්ලා X කිරණ සම්බන්ධයෙන්ද පරීක්ෂන පවත්වන ලද අතර, දොලනය සම්බන්ධයෙන්ද වැදගත් සොයාගැනීම් රාශියක් සිදුකර ඇත.
ඔහු විසින් පෘළුිවියේ අනුනාද සංඛ්‍යාතය සොයාගත් අතර, භූමි කම්පා ඇති කල හැකි උපකරණයක්ද නිර්මාණය කරන ලදී. වරක් එමගින් සිදුකල පරීක්ෂණයකදී මුලු New York නගරයම දෙදුරුම් කෑ බවද වාර්තා වේ.
මෙම පෘළුිවියේ අනුනාද සංඛ්‍යාතය නිවැරදි බවය විද්‍යාඥයින්ට අවබෝධ කර ගැනීමට වසර 50 ගොස් ඇත.
ඇතැම් සටහන් වල දැක්වෙන ආකාරයට ඔහු විසින් Death Beam නම් ඉතා භයානක අතහදා බැලීමක් සිදුකල බවට වාර්තා වේ.
මෙය ඉතා අධික ශක්ති ප්‍රමාණයක් වාතය හරහා යැවිය හැකි ධාරාවක් වන අතර, එමගින් සතුරු ප්‍රහාරක යානා 10000 ක කාණ්ඩයක් සැතපුම් 250 ක් දුර සිට සුනුවිසුණු කල හැකි බව වාර්තා වේ.
නමුත් අද වෙනකොට මෙහි සුලු සාක්ෂි කිහිපයක් පමණක් ඉතිරි වෙලා තියෙනවා.
අදටත් සිහිනයක් වෙලා පවතින ස්වයංක්‍රීය ධාවන මෝටර් රථ සම්බන්ධවද ටෙස්ලා විස්න සාර්ථක අතහදා බැලීම් කර ඇති බවද සදහන්.
ටෙස්ලාගේ අරමුණ වුණේ මුලු ලෝකයටම නොමිලේ රුහැන් රහිතව විදුලිය සැපයීමයි. නමුත් අදටත් මෙය තේරුම් ගත නොහැකි සංකල්පයකි. නමුත් ටෙස්ලා විසින් රුහැන් රහිතව දැල්වෙන විදුලි බුබුලු නිපදවා ඇත.
1901 දී J.P.Morgenගේ අනුග්‍රහය යටතේ ටෙස්ලා විසින් Long Island හීදී විදුලි සම්ප්‍රේෂණ කුලුණක් නිර්මාණය කිරීමට පටන්ගත් නමුත් ආයෝජකයන් අතරමැදදී මුදල් යෙදවීම නතර කල නිසා එම ව්‍යාපෘතිය අතරමග නැවතිනි.
ටෙස්ලා තම සියලු ධනය මේ වෙනුවෙන් යෙදවූ නිසා ඔහුද බංකොලොත් තත්වයට ඇද වැටුණේය.
ඊට පසුව නැවත ඔහු ඩොලර් 02 ක වැටුපකට කාණු හැරීමේ රුකියාව කරමින් New York හෝටලයේ 33 වන මහලේ කාමරයක ජීවත් විය.
මෙහිදී ඔහුගේ මානසික මට්ටම විකෘති වූ බවද සදහන් වේ.
ඔහු විෂබීජ වලය අධික බියක් දැක්වූ බවද, නිතරම අත සේදීමට යොමු වෙලා සිටියා කියලත් සදහන් වෙනවා. එසේම ඔහු කෙනෙකුට අතට අත දීමද බොහෝ වෙලාවට නොකල පුද්ගලයෙක් ලෙස සදහන් වෙනවා.
1943 දී සිය හෝටල් කාමරය තුල සිය අවසන් හුස්ම හෙලු බවට සදහන් වෙනවා.
ඔහුගේ මරණයෙන් පසු මිනිසුන්ට ඔහුව අමතක වී කාලක් ගිය පසු අද වන විට ඔහු පුරාවෘත්තයක් බවට පත්වෙලා තියෙනවා.
ටෙස්ලාට ගෞරවයක් පිණිස 2003 දී Long Island හි පිළිමයක් නිරාවරණය වූ අතර Wooden clean අඩවිය ටෙස්ලා විද්‍යා මධ්‍යස්ථානයක් බවට පත් කරලා තියෙනවා.
ඒ වගේම සර්බියාවේ බෙල්ග්‍රේට් වල ගුවන් තොටු පලහි නිකොලා ටෙස්ලා යන නම ප්‍රදර්ශනාත්මකව සටහන් කර තිබෙනවා.
අද ලෝකයේ ප්‍රසිද්ධ මෝටර් රථ නිෂ්පාදන ආයතනයක් වන ටෙස්ලා ආයතනයද ඔහුට කරන ගෞරවයක් වශයෙන් එම නම භාවිතා කරන බවට සදහන් වෙනවා.
ඉතිං අද භාවිතා කරන ප්‍රත්‍යාවර්ථ විදුලියේ මුලික පියා වශයෙන් විරුදාවලියෙන් පිදුම් ලබන්නේ මේ නිකොලා ටෙස්ලා නම් නොපසුබස්න උත්සහවන්තයය්.
ඉදිිරියේදී විදිලි ක්ෂේත්‍රයේ තවත් මුල් පෙරටුගාමීන්ගේ කතා මාලාවකින් හමුවෙමු
ලිපිය සම්පුර්ණ කියවන්න ඇතැයි සිතමි
සියලු දෙනාට දැනගන්න Share කරන්න
සියලු මූලාශ්‍ර Wikipedia Encyclopedia මගිනි
ස්තූතියි
ගයාන් බණ්ඩාර - Tech For you Group

Niyamai ❤️❤️👍😍
ReplyDelete