ADD ON BLOCKS & TIMERS - විදුලි පාලන පරිපථ අංක 03 පාඩම
ADD ON BLOCKS & TIMERS - විදුලි පාලන පරිපථ අංක 03 පාඩම
ADD ON BLOCKS & TIMERS
සහයක ස්පර්ශත්‍රිය (Auxiliary Contactor)
සහයක ස්පර්ශත්‍රිය (Auxiliary Contactor) හෝ බල ස්පර්ශත්‍රිය (Power Contactor) යොදා පරිපථ සකස් කිරීමේදී එහි ඇති සහායක ස්පර්ශක තුඩු (contact point) ප්‍රමාණවත් නොවිය හැක. එවිට එම ස්පර්ශත්‍රියට සමාන්තර ගතව තවත් සහායක ස්පර්ශත්‍රියක් සම්බන්ද කිරීමෙන් ස්පර්ශක තුඩු (contact point) ගනන වැඩි කර ගත හැකි වුවත් එය වියදම් අධික වේ.
සහයක ස්පර්ශත්‍රිය (Auxiliary Contactor)
සහයක ස්පර්ශත්‍රිය (Auxiliary Contactor) හෝ බල ස්පර්ශත්‍රිය (Power Contactor) යොදා පරිපථ සකස් කිරීමේදී එහි ඇති සහායක ස්පර්ශක තුඩු (contact point) ප්‍රමාණවත් නොවිය හැක. එවිට එම ස්පර්ශත්‍රියට සමාන්තර ගතව තවත් සහායක ස්පර්ශත්‍රියක් සම්බන්ද කිරීමෙන් ස්පර්ශක තුඩු (contact point) ගනන වැඩි කර ගත හැකි වුවත් එය වියදම් අධික වේ.
මේ සඳහා ස්පර්ශත්‍රිය (Contactor) උඩ සවි කල හැකි, එයින්ම ක්‍රියාත්මක වන කොටසක් එකතු කල හැක. එය "Add On Block" (ඇඩ් ඔන් බ්ලොක්) ලෙස ව්‍යවහාර කෙරේ. ස්පර්ශත්‍රියක (Contactor) මෙම add on block සවි කලද එහි අග්‍ර හදුන්වන අංකයන් ඉහත පාඩම මගින් විස්තර කරණ ලද ආකාරයටම පැවතිය යුතුය. නිෂ්පාදකයින් add on block වල අග්‍ර සදහන් කරන්නේද ඊට ගැලපෙන පරිදි වේ.
උදාහරණ
බල ස්පර්ශත්‍රියක (Power Contactor) බල ස්පර්ශක තුඩු (power contact points) තුනට අමතරව සහායක තුඩු එකක් තිබේනම් එය විවෘත (Nomaly Open) එකක් නම් 13 / 14 ලෙස හෝ සංවෘත එකක් නම් 11 / 12 ලෙස නම් කර ඇත. එවිට අප එකතු කරණ ස්පර්ශක තුඩු වල අග්‍ර විය යුත්තේ අංක 2න් ආරම්භ වන සංඛ්‍යාවකිනි.
2x 3x 4x 5x
| | | |
2x 3x 4x 5x
ලෙස වේ.
බල ස්පර්ශත්‍රිය (Power Contactor) ඇත්තේ බල ස්පර්ශක තුඩු (power contact points) තුන පමණක් නම් එයට එකතු කරණ add on block එකෙහි අග්‍ර
1x 2x 3x 4x
| | | |
1x 2x 3x 4x
ලෙස තිබිය යුතුය.
ස්පර්ශක තුඩු (contact point) හතරකින් යුත් සහායක ස්පර්ශත්‍රියක නම් එහි අවසන් අග්‍ර 4x හා 4x වන නිසා අප එකතු කරණ ස්පර්ශක තුඩු වල අග්‍ර විය යුත්තේ අංක 5න් ආරම්භ වන සංඛ්‍යාවකිනි.
ඒ අනුව
5x 6x 7x 8x
| | | |
5x 6x 7x 8x
ලෙස වේ.
එකතු කරණ මුහුර්තකය
(ADD ON TIMER)
විදුලි පාලන පරිපථ සකස් කිරීමේදී අපට මුහුර්තක (Timer) භාවිතා කිරීමට සිදු වේ. ඒ සඳහා මුහුර්තක පිලියවන (Timer relay) ඇතත් ස්පර්ශත්‍රියක (Contactor) එකතු කල කොටසක් (add on block) ලෙස සවිකිරීමට හැකි ස්පර්ශත්‍රිය (Contactor) මඟින්ම ක්‍රියාත්මක වන මුහුර්තක (Timer) කොටසක් සවි කල හැක. මෙහි ස්පර්ශක තුඩු (Contact point) දෙකක් ඇත. සාමාන්‍යයෙන් සංවෘත (Nomaly Close) සහ සාමාන්‍යයෙන් විවෘත (nomaty open) ලෙසය. එම අග්‍ර නම් කරන්නේ
NC 5 /6
NO 7 / 8 ලෙසය.
එය සවි කරණ සහායක ස්පර්ශත්‍රියක (aux. Contactor) අග්‍ර හතරක් ඇති නිසා එකතු කල මුහුර්තකයේ (Add On block timer) සඳහන් වනුයේ
55 67
| |
56 68 ලෙස වේ. ( එහි ඡායාරූපක් පෙන්වා ඇත.)
මුහුර්තක වර්ග:-
ස්පර්ශත්‍රි (Contactor) යොදා ගෙන පරිපථ සකස් කිරීමේදී ප්‍රධාන වශයෙන් එකතු කල හැකි මුහුර්තක (Add on Timer) වර්ග දෙකක් ඇත.
# ON delay timer
(ඔන් ඩිලේ ටයිමර් - පමාවී ON වීම)
# OFF Delay timer
(ඕෆ් ඩිලේ ටයිමර් - පමාවී OFF වීම)
ඔන් ඩිලේ ටයිමර් (On delay timer) කියූ සැනින් අපට හැගී යන්නේ පමාවී ක්‍රියාත්මක (ON) වීමයි. ඒ අනුව On delay timer එක සවිකල ඇති සහායක ස්පර්ශත්‍රියට (Aux. Contactor) විදුලි සැපයු සැනින් එහි ඇති සහායක ස්පර්ශක තුඩු (Aux. Contactor point) ක්‍රියාත්මක වුවත්, ඊට එකතු කල On delay timer කොටසෙහි ඇති ස්පර්ශක තුඩු (Contact points) ක්‍රියාත්මක වන්නේ අප ලබා දෙන කාලය ඉක්මවා ගිය පසුව වේ.
ඕෆ් ඩිලේ ටයිමර් (Off delay timer) එකද අපට හැගී යන්නේ පමාවී ක්‍රියාවිරහිත (OFF) වීම යන්නයි. පළමුව Off delay timer එක සවිකල ඇති සහායක ස්පර්ශත්‍රියට විදුලිය සැපයු විගසම එහි ඇති සහායක ස්පර්ශක තුඩු හා එයට එකතු කල Off delay timer කෙටසෙහි ඇති ස්පර්ශක තුඩු ද ක්‍රියාත්මක වේ.
ඉන් පසු එයට සැපයෙන විදුලිය විසන්ධි කල විගසම Off delay timer එක සවිකල ඇති සහායක ස්පර්ශත්‍රියෙහි ඇති සහායක ස්පර්ශක තුඩු නැවත සාමාන්‍ය තත්වයට පත් වුවත් ඊට එකතු කල Off delay timer කොටසෙහි ඇති ස්පර්ශක තුඩු නැවත සාමාන්‍ය තත්වයට පත් වන්නේ අප ලබා දෙන කාලය ඉක්මවා ගිය පසුව වේ.
මෙම ක්‍රියාකාරීත්වයටම අනුව නිෂ්පාදනය කරණ ලද වෙනම ඒකකයක් ලෙසද දෙවර්ගයේම මුහුර්තක (Timers) ඇත.
තාප අධිබර පිළියවනය:-
(THERMAL OVERLOAD RELAY)
විදුලි පාලන පරිපථ වල උපයෝගී කර ගන්නා තවත් උපකරණයකි තාප අධිබර පිළියවනය (Thermal overload relay) මෙය බල ස්පර්ශත්‍රියක (Power Contactor) ඇති 2 , 4 , 5 යන අග්‍ර තුනට, තාප අධිබර පිළියවනයේ (Thermal overload relay) ඇති 1 , 3 , 5 යන අග්‍ර සමඟ සම්බන්ද කර ගනී. එහි ඇති 2 , 4 , 6 යන අග්‍ර තුනට භාරය (Load) හෝ උපකරණය සම්බන්ද කිරීමෙන් ඒ හරහා ධාරාව ගලා යාමට සලස්වයි.
මෙහි ක්‍රියාකාරීත්වය ද සිඟිති පරිපථ බිඳනයේ (MCB) මෙන් "⎍" ලකුනින් පෙන්වා ඇති එහි සඳහන් ධාරාව ඉක්මවා යනවිට රත්වීමෙන් ක්‍රියාත්මක (Thermal operated) වන බවයි. එය සිදුවන්නේ ද්වි ලෝහ (Bimetal) පටියක් මත දඟරක් තුලින් ධාරාව ගමන් කිරීමට සලස්වා, ද්වි ලෝහ පටිය රත්වීමකට භාජනය වීමෙන් නියමිත ධාරාවට අනුව සකස් (Set) කර, බිඳ වැටීම (Triping) සිදුවේ.
තාප අධිබර පිළියවනය (Thermal overload relay) හි ස්පර්ශක තුඩු (Contact point) දෙකක් ඇත. එය සාමාන්‍ය තත්ත්වයේදී සංවෘත (Close) හා විවෘත (Open) වශයෙන් ඇත. වැඩි ධාරාවක් ලබාගෙන තාප අධිබර පිළියවනය (Thermal overload relay) ක්‍රියාත්මකවී පරිපථය බිඳ (Trip) වැටුනොත් මෙම සංවෘත (Close) ස්පර්ශක තුඩු විවෘත (Open) වේ. විවෘත ස්පර්ශකය තුඩු (Contact point) සංවෘත (close) ,වන අතර එසේ සිදුවුවහොත් නැවත ආරම්භක (Reset) කල යුතුය. නැවත ආරම්භ (Reset ) කිරීම සඳහා බොත්තමක් (push button ) ඇත. අවශ්‍ය නම් නැවත ආරම්භක බොත්තම ස්වයංක්‍රීයව (Auto reset) කිරීම සඳහා ද තැබිය හැක. බිඳ වැටීම් ධාරාව (Triping current) යම්කිසි පරාසයක් තුල සීරුමාරු කිරීමට හැකි අයුරින් නිපදවා ඇත. ඒ සඳහා නියමිත ධාරාව සටහන් කල අංක මුහුණතක් (dial) හා සීරුමාරු කලහැකි සකස් කරණයක් (set) ඇත. පරිපථය තුල ඇති අදාල උපකරණයේ ආරක්ෂාව සඳහා අධිබර පිළියවනය (Thermal overload relay) යොදා ගනී. විදුලි පරිපථ තුල තාප අධිබර පිළියවනය (Thermal overload relay) F_ අකුරෙන් අංකයක් යොදා පෙන්නුම් කර ඇත.
අග්‍ර හැදින්වීම:-
තාප අධිබර පිළියවනයේ (Thermal overload relay ) ඇති ස්පර්ශක සංවෘත තුඩු (Nomaly Close points) 5 /6 ලෙසද
විවෘත තුඩු (Nomaly Open points) තුඩු 7 / 8 ලෙසද පළමු අංකය 9ලෙස ගෙන
95 97
| |
96 98
ලෙස සඳහන් කරයි.
ඉතිං තව දරටත් තොරතුරු අන්තර්ජාලය මගින් මෙන්ම මෙම උපාංග නිෂ්පාදනය කරන නිෂ්පාදකයන්ගේ වෙබ් අඩවි හරයා ඔබට ලබා ගත හැකියි.
එහෙනම් අදට නවතින්නම්
යාලුවන්ට දැනගන්න Share කරන්න
ඔයාලත් ලියන ලිපි මට එවන්න..
ගයාන් බණ්ඩාර








Comments
Post a Comment