මීගමුවෙන් හමු වුණ ෆෝන් 400 , සිම් 17000 යොදා ගත්තේ මොකටද?

මීගමුවෙන් හමු වුණ ෆෝන් 400 , සිම් 17000 යොදා ගත්තේ මොකටද?



නවීන ජංගම දුරකතන විශාල ප්රමාණයක් එකට සම්බන්ධ කරගත් දුරකථන ජාලයක් එක්ක සන්නිවේදන උපාංග සහ සිම්පත් දහස් ගණනක් හමුවීම බොහෝ දෙනෙකු තුළ මේ සිදුවන්නේ කුමක්දැයි යන්න පිළිබද ගැටළුවක් ඇති කළා.


චීනය, ඉන්දියාව, නේපාලය, ශ්රී ලංකාව, ඊජිප්තුව, ඉන්දුනීසියාව, පිලිපීනය සහ බංග්ලාදේශය වැනි දියුණු වෙමින් පවතින රටවලදී සිදුවන මෙම ක්රියාවලිය හදුන්වන්නේ Click Fraud Farm ලෙසයි. මෙම සටහන වෙන් වන්නේ Click Fraud Farm සම්බන්ධයෙන් ඔබට පොඩි අවබෝධයක් ලබාදීමටයි.

Click Fraud Farm යනු කුමක්ද?



තාක්ෂණිකව මෙහි පවතින්නේ පරිගණක එකකට හෝ කීපයකට සම්බන්ධ කරගත් නවීන ජංගම දුරකථන විශාල ප්රමාණයකුයි. මේ හරහා කරන්න පුළුවන් දේවල් මොනවද යන්න පිළිබදව අවබෝධ වුණාම ඇත්තටම Click Fraud Farm එකක් කියන්නේ කුමක්ද කියන ප්රශ්නෙට පිළිතුරු ලැබෙනවා.

මේ හරහා මහාපරිමාණයෙන් Social media වලට fake comments, likes, views වැඩි කරන්න පුළුවන්.


මේ හරහා ඉලක්ක ගත Social media ගිණුම් වල එක්කෝ වර්ධනයක් එහෙම නැත්නම් ගිණුම සාර්ථක කිරීමක් සිදු කරන්න පුළුවන්. එක්කෝ රිපෝට් කිරීම් වැනි දේ හරහා ගිණුම් අක්රීය කරන්න පුළුවන්.


මේ හරහා විශාල වශයෙන් report එහෙම ගහල post අයින් කරන්න පුළුවන්.


මේ හරහා adclick වැනි ක්රමවේද සක්රීයව කරගෙන යන්න පුළුවන්.


මේ හරහා නීති විරෝධී අන්තර්ජාතික ඇමතුම් ලබාගන්න පුළුවන්.


මේ හරහා සුපර්ස්ටාර් වගෙ තරග වලට sms චන්ද විකිනීම වගේ දේවල් කරන්න පුළුවන්.


මේ හරහා වෙබ් අඩවි වල ට්රෆික් වැඩි කරන්න පුළුවන්.


මේ හරහා Youtube trending කරන්නත් පුළුවන්.


තව ගොඩක් දේවල් කරන්න පුළුවන් මොලේ පොඩ්ඩක් පාවිච්චි කලානම්.

ඉතින් මේ වගේ Click Fraud Farm ලංකාවේ නීතියේ හැටියට නම් නීතිවිරෝධී නැහැ. බොහොමයක් රටවල් වල පුද්ගලයන්, ආයතන, ඒ වගේම විවිධ දේශපාලන පක්ෂ පවා සිය මතයන් ඉදිරියට ගෙනියන්නත් ප්රතිපක්ෂ මත බිද දමන්නත් මෙවැනි තාක්ෂණික ක්රම භාවිතා කරනවා. මුදල් ගෙවා ලබාගත හැකි මෙවැනි සේවාවන් විශාල වශයෙන් චිනයේදී ක්රියාත්මක වෙනවා.
Hacking වලදී භාවිතා වෙනවා Bot කියලා සංකල්පයක්. ඒ කියන්නේ යම් මෘදුකාංගයක් සගවපු පරිගණකයක්. මෘදුකාංගය සගවපු කෙනාට පුළුවන් එම පරිගණකය තමන්ගේ Hacking ප්රහාර වලට භාවිතා කරන්න. DDS කියන්නෙ ඒ වගේ ප්රහාරයක්. මෙතනදී මේ ජාලයත් එවැනි ප්රහාරයකට ඉතා පහසුවෙන් භාවිතා කරන්න පුළුවන්. ඔවුන් දැන් හෝ නොදැන මේ හදාගෙන තියෙන්නෙත් Bot Network එකක්ම තමයි.

මෙතනදී දැක්ක එක දෙයක් තමයි ලංකාවේ අහු වුණ අවස්ථාවේ Etisalat/airtel සිම් විශාල ප්රමාණයක් හමුවුණා. ඒකට හේතුවක් තමයි මේ සිම් කාඩ් ඉතාමත් පහසුවෙන් මිලදී ගන්න පුළුවන්.ඒ වගේම කිවුවට තරහ වෙන්න එපා, Promotion කරන අයියලා එයාලගේ Target Cover කරගන්න මේ සිම් Active කරනවා හොරට.
මෙම වංචනික ක්රියාව සිදු කරන අයගේ ගණනුත් සාධාරණය. Instagram followers 1000ක් ඩොලර් 12යි. ෆේස්බුක් ලයික් 1000ක් ඩොලර් 5-7 අතරේ. පේජ් ලයික් 1000ක් ඩොලර් 2යි. ගෘප් ලයික් 1000ක් ඩොලර් 5යි. (According to the Daily Mail)
The Guardian පෙන්වා දෙන විදියට යම් පුද්ගලයෙක් අන්තර්ජාලය හරහා යමක් මිලදී ගන්නවා නම් ඔවුන්ගෙන් 31%ක් එම භාණ්ඩය පිළිබදව දක්වා තිබෙන අදහස් කියවන බව. ඒ නිසා ebay, Ali Express වැනි සේවාවන් වලටත් මෙම Click Fraud Farm වලින් Fake Comments යොදන බවයි පවසන්නේ.
ඉතින් දැන් තේරුම් ගන්න පුළුවන් මේ වගේ දේකින් කරන්න පුළුවන් දේ සහ තවත් හිතුවොත් කරන්න පුළුවන් දේවල්.
පසුගියකාල වකවානුවේදී ලංකාවේ ප්රසිද්ධ ෆේස්බුක් ගෘප් ගණනාවක් වාරණයට ලක් වුණ ඔබට මතක ඇති. සාමාජිකයින් ලක්ෂ ගණනක් සිටින මේ වැනි Group අක්රීය කිරීම එතරම් පහසු දෙයක් නොවේ. නමුත් මෙවැනි Click Fraud Farm කීපයක් හරහා දිගින් දිගටම එල්ල වන රිපෝට් මගින් එය පහසුවෙන් කළ හැකි බවයි පෙනී යන්නේ.

#උපුටා ගැනීමකි

ඉදිරිපත් කිරීම  - Tech for you- 
Gayan Bandara


Comments