මුලික විදුලි පරිපථ ඇදීම හා සම්මත සංකේත - Basic Electrical Drawing and symbols

මුලික විදුලි පරිපථ ඇදීම හා සම්මත සංකේත  - Basic Electrical Drawing and symbols 



විදුලි ක්ෂේත්‍රයේදී නව ඉදිකිරීම්, නඩත්තු කටයුතු, දෝෂ නිරාකරනයන්, වැඩිදියුණු කිරිම් මේ වාගේ ගොඩාක් දේවල් කිරීමට සිදුවෙනවා. සමහර විට විදුලි ඉංජිනේරුවන් විසින් සම්මතයන්ට අනුව නිර්මාණය කරන ලද පරිපථ සැකසුම් අනුව විදුලි කාර්මිකයන් වන අප හට පිහිටැවුම් සැකසීමට සිදුවෙනවා.
එමෙන්ම අප විසින්ම යම් අවස්ථාවන්වලදී සැලසුම් නිර්මාණය කිරීමට සිදුවනවා. මෙහිදී මුලික කරුණු කිහිපක් පිළිබදව සැලකිලිමත්වීම වැදගත්.

1. ඉදිකිරීමේ පාරිසරික තත්වය.
2. ඉදිකිරීමේ ආරක්ෂාව
3. යොදාගන්නා උපකරණයන්හි කල්පැවැත්ම හා ක්ෂමතාවය.
4. යොදාගන්නා උපකරණයන්හි යාවත්කාලීන බව හා පිරිවැය
5. බාහිර පුද්ගල ආරක්ෂාව හා කල්පැවත්ම.

මීට අමතරව බොහෝ කරුණු ගැන සලකා බලා අප නිර්මාණ සැලසුමක් නිර්මාණය කරනවා. නමුත් මෙම සැලසුම් අප අපගේ කැමැත්ත පරිදි නිර්මාණය කලහොත් වෙනත් කෙනෙකුට හෝ අප නොමැති අවස්ථාවකදී දෝෂ නිරාකරණයක් හෝ වෙනත් අලුත් වැඩියාවක් කිරීමට පැමිණෙන කාර්මිකයාට කියවා තේරුම් ගැනීමට නොහැකි වීම නිසා විශාල අපහසුතාවයකය සහ මුල්‍යමය හා කාලය වැයවෙන තත්වයකට පත්වෙනවා.

මේ හේතුවෙන් අන්තර්ජාතික ඉංජිනේරු රෙගුලාසීන්ට අනුව පොදුවේ විදුලි කාර්මික ක්ෂේත්‍රයේ සැලසුම් සටහන් ඇදීමේ ක්‍රමයක් හදුන්වා දී තිබෙනවා, එමගින් ඕනම සටහනක් ඕනම කෙනෙකුට කියවා තේරුම් ගත හැකි අයුරින් පහසු ලෙස නිර්මාණය කරනවා.
(විවිධ සමාගම් තමන්ගේ අනන්‍යතාවය රුකගැනීමෙහිලා  මෙය නොසලකා හරින අවස්ථාද ඇත)


මෙහිදී මෙම රූප සටහන් නිර්මාණයේදී සෑම විටම පරිපථයන් අක්‍රීය තත්වයෙන් (off mode) නිර්මාණය කිරීම ප්‍රධාන සම්මතයක් වේ.

ඉතිං අප මේ කොටසින් කතා කරන්නේ නිවාස වයරින් කිරීම වැනි කටයුත්තක සටහන් ඉදිරිපත් කිරීම පිළිබදවයි, නමුත් ඉදිරියේදී ඔබගේ  ප්‍රතිචාර මැද මම පාලන පරිපථ, ජනන පද්ධති පරිපථ, බෙදාහැරීම් පරිපථ වැනි සංකිර්ණ පද්ධතිවල සටහන් ඇදීම පිළිබදවත් කතා කිරීමට බලාපොරොත්තු වෙනවා.

පරිපථ ඇදීම ප්‍රධාන කොටස් 04 කින් දක්වන්න පුලුවන්..

1. Installation Wiring Diagram Plan
2. Installation Lay-Out Diagram - Summery Plan (පිරි සැලසුම් සටහන) 
3. Circuit Diagram - Principle Plan ( පරිපථ සටහන)
4. Wiring Diagram - Function Plan ( කේබල් ඇදීමේ සටහන)



1. Installation Wiring Diagram Plan 


විදුලි ඉදිකිිරීම් සැලැස්මක් යනු අප යම් නිවසක හෝ ස්ථානයක විදුලි පිහිටුවුමක් කිරීමේදී ප්‍රථමයෙන්ම අදිනු ලබන සටහනයි. මෙහිදී අදාල ගොඩනැගිල්ලේ සැලැස්ම භාවිතාකොට එම සැලස්මට අනුව දුර ප්‍රමාණයන්, උස ප්‍රමාණයන් තීරණය කොට ලුහුඩු විදුලි සංකේත භාවිතා කරමින් අදිනු ලබන සැලැස්ම වේ.

ඉහත රූපයේ දක්වා ඇත්තේ තනි කාමරයක සැලැස්ම අනුව අදින ලද ආදර්ශ විදුලි සැලැස්මකි..

2. Installation Lay-Out Diagram - Summery Plan (පිරි සැලසුම් සටහන)  

මෙම සටහන් මගින් තනි රේඛා භාවිතයෙන් සංකේත අතර සම්බන්ධතාවය හා පිහිටීම ඉදිරිපත් කරනු ලබයි. තවද සන්නායක මාර්ගවල ඇති සන්නායක ගණනද මෙයින් නිරූපණය කෙරේ.




3. Circuit Diagram - Principle Plan ( පරිපථ සටහන)

මෙහිදී පරිපථයේ සියලුම සටහන් ඉදිරිපත් කෙරේ. සියලුව විදුලි පාලන ස්විච, විදුලි උපකරණ, හා ගමන් මාර්ගය සිරස් හා තිරස් අක්ෂ ඔස්සේ පමණක් ඉදිරිපත් කෙරේ.

4. Wiring Diagram - Function Plan ( කේබල් ඇදීමේ සටහන)

මෙමගින් සියලුම පරිපථයේ ක්‍රියාකාරීත්වය විස්තර කෙරෙන අතර ප්‍රායෝගිකව මෙම විදුලි පරිපථය ගොඩනැගීමේදී සන්නායක රුහැන් සැකසීම කල යුතු ආකරය පිළිබදවත්, රුහැන් එකිනෙකට සම්බන්ධ වන ආකාරය පිළිබදවත් පැහැදිලිව පෙන්නුම් කෙරේ.

එසේම මෙහදී අංක යෙදීම අනිවාර්ය වේ. එමගින් සම්බන්ධතා රුහැන් සවිවන ආකාරය පැහැදිලිව රූප සටහන් කියවන්නා හට  දැක ගැනීමට හැකි මෙන්ම, දෝෂ නිරාකරණයේදී එය බෙහෙවින් වැදගත්වේ.


ඉතිං මා මුලින් කී පරිදි නිවාස වයරින් කිරීමහි සටහන් ඇදීම පිළිබදව මුලික කොටස් පමණක් මා මෙහිදී ඔබට ගෙන එනවා. එමෙන්ම අපි පරිපථ සටහන් තුලදී සම්මත සංකේත භාවිතා කල යුතුම වේ.
එසේනම් අපි බලමු ගෘහස්ථ විදුලි කර්මාන්තයේදී අපි භාවිතා කරන පරිපථ සංකේත කිහිපයක්.



ඉතිං මා ඔබගෙන් ඉල්ලන්නේ මෙපමණයි, මෙම සටහන් මගින් විදුලි කාර්මික ඔබ ඉදිරියේදී සැලසුම් ඇදීමට හුරු වන්න, හුදෙක් පරීක්ෂණයක් සදහා හෝ පොතට පතට සීමාවූ න්‍යායික දැනුමක් ලෙස නොව මෙය ප්‍රායෝගික කාර්මික ජීවිතයේදී බෙහෙවින් ප්‍රයෝජනවත් වනවාට සැකයක් නැත. නිතර  මෙම සංකේත අනුපාතයන්ට අනුව නිවැරදිව පිරිසිදුව ඇදීමට වගබලා ගන්න.

මගේ FB Page එක හැම කෙනාටම දැනගන්න Share කරන්න අලුත් යාලුවන්ට මේ ගැන කියන්න.
සමහර විට ඔබ දැනුමෙන් මුහුපුරා ගිය පුද්ගලයෙක් වෙන්න පුලුවන් නමුත් ඉදිරිපත් කිරීම ඊට වඩ ප්‍රයෝජනවත් බව සිතන්න.


විශේෂ ස්තූතිය මෙම මාතෘකාව සම්බන්ධයෙන් ලිපියක් සැකසීමට මා උනන්දු කල CEB NVQ (Apprentice) Group සාමාජික Lahiru Chamara මහතාට....

ගයාන් බණ්ඩාර - Tech For you Group

Comments