ඉලෙක්ට්‍රිකල් බාස් - විදුලි කාර්මික ශිිල්පියා - වෙනසට වඩා දෙයක්
ඉලෙක්ට්‍රිකල් බාස් - විදුලි කාර්මික ශිල්පියා - වෙනසට වඩා දෙයක්
ඉතිං යාලුවනේ අලුත් වෙනස් දෙයක් ගැන කතා කරන්න හිතුවා එමෙන්ම විදුලි ක්ෂේත්රයේ සිටින සියලු දෙනා මෙම ලිපිය කියවයි කියලා බලාපොරෙතේතු වෙනවා.
ආන්දෝලනාත්මක දේවල් ලියලා මගේ Page එක Up කරගන්න කරන දෙයක් නෙමේ මේ. හිතේ වේදනාවක් ඇතිව විසදගත යුතු දෙයක් වශයෙනුයි ඉදිරිපත් කරන්නේ.
අනිත් කාරණාව මා මෙතන සදහන් කරන්නේ මගේ ස්ව්යං අදහස්, මම හරියි කියලා හිතන් ඉන්න අදහස්.
මා ඉංජිනේරුවෙක් නොවේ එසේම පරතරේකට විදුලිය සම්බන්ධ ඉගෙන ගත් කෙනෙක් නොවේ. මාද අධ්‍යනය කරන ගමන් නිවැරදි තොරතුරු බෙදා ගැනීමයි මා මෙතනදී කරන්නෙ..............
නමුත් මේ කිසිවකට අදාල නොවන දෙයක් තමයි අද මාතෘකාව.........
මා දින කිහිපයක් වෙනත් FaceBook සමුහයන් තුල, පිටු තුල විදුලි ඉදිකිරීම් වල ඇති වැරදි කතා කරනවා දැක තිබෙනවා. එය ඉතාමත් හොද දෙයක් විදියට මා දකිනවා.
නමුත් ඒ වෙනුවෙන් පරිශීලකයන් දරන අදහස් වල විශාල අනවබෝධයක් නොඑසේනම් නොදන්නාකමක් ඇති බව මා හය පෙනී යනවා..
එක් උදාහරණයක් පමණක් ඉදිරිපත් කරන්නම්
මෙම රූපය සහිත යම් පිටුවක සටහන් කර තිබෙනවා මේ පිහිටැවුම නිර්මාණය කරලා තියෙන්නේ අපි දන්න අපේ ගම්වල අප කුඩා කල සිටන් දන්නා ඉලෙක්ට්‍රිකල් බාස් උන්නැහැ කියන්නේ අන්න ඒ කෙනෙක්....
ඉතිං මේ නිවසේ හිමිකරු විසින් අලුත් වැඩියා කටයුත්තක් සදහා NVQ කරන ලද පුද්ගලයෙක්ගේ මාර්ගයෙන් මෙම ස්විචය ගලවා තිබෙනවා. එහිදී ඔහු එහි ඇති වැරදි සම්මතයන්ට අනුව නිර්මාණය හා අන්තාරාදායක බව ගැන අදාල ගෙහිමිකරු දැනුවත් කර තිබෙනවා. එම අවස්ථාවේ ගෙහිමිකරු අදාල ඉලෙක්ට්‍රිකල් බාස් උන්නැහැ ගෙන්නලා එයාට හොදටම බැන වැදී තිබෙනවා..
නමුත් මේ සටහනේ Comments වල මෙහෙම සදහන් වෙනවා....
1. ඕක ප්‍රශ්නයක් නෑ, කිසිම ගැටලුවක් නෑ, ගලවන්නේ දන්න කෙනෙක්නෙ..
2. NVQ කරපු පණ්ඩිතයෝ ඔව දන්නෑ ඕව බාස් උන්නැහෙලා කරන්නේ හරියට..
3. කවදාවත් ඕක බාස් කෙනෙක් නැතිව ගලවන් නෑනේ ඒක නිසා අවුලක් නෑ
4. NVQ එවුන් වයරින් කරොත් විකිණෙනවා ගමේ බාස්ට කියලා කරගත්තම අවුලක් නෑ...
කමක් නෑ ඔයාලගෙත් Comments දාන්නකෝ.....
මේ Group එකේ ඔය කියන බාස්ලත් ඇති විදුලි කාර්මිකයොත් ඇති.
ඉතිං මගේ අදහස ගැන බලමු.
ඉලෙක්ට්‍රිකල් බාස් - විදුලි කාර්මිකය මේ දෙකම එකක් නමුත් ආකල්ප,අත්දැකීම් හා කුලතාවය මත මෙහි මෙහි වෙනස දෝලනය වෙනවා.
අපි නිවසක් සෑදීමේදී විදුලි පද්ධතිය ඉතා උසස් මට්මෙන් නැවත නැවත සැකසීමට අවශ්‍ය නොවන පරිදි ස්ථාපනය කිරීමට උත්සාහ දරනවා.
එමෙන්ම උපකරණ වලට කොපමණ මුදලක් ගියත් අපි බලන්නේ ඕක දන්න කෙනෙකුට කියලා කරගන්න.
නිවස ඉදිකිරීමට ගිය ප්‍රමාණයෙන් පොඩි මුදලක්වත් විදුලි පද්ධතිය ස්ථාපනයට යෙදවීමට බොහෝ දෙනා අකමැතියි.
ඉතිං ගමේ ඉන්න බාස් කනෙක්ට හරි දන්න NVQ හරි කරපු මල්ලි කෙනෙක්ට හරි ඔය වැඩේ බාර දෙනවා..
ඔතනදී බාස් කෑවොත් NVQ කෙනා හොදයි...
NVQ මල්ලි කෑවොත් බාස් හොදයි
ඇයි මෙහෙම වෙන්නේ.....
ඇත්තටම NVQ පටිපාටිය හෝ විදුලි පාඨමාලා ඇති කරේ මෑත කාලයේදී, නමුත් යම් යම් ආයතනවල හෝ රාජකාරී කිරීමෙන් , විදුලිය පිළිබද භාවිතයක් ඇති පුද්ගලයින් තමන් දන්න පමණින් සේවකයින් සමගින් විදුලි ස්ථාපන ක්‍රියාවලියේ නිරිත වෙනවා. තොරණ් ගහන බාස් උන්නැහැලා NVQ හෝ Electrical Degree තියන අය නෙමේනේ..
නමුත් වර්තමානයේ කුසලතා වර්ධන ආයතන පිහිටුවා ක්‍රමවත් පටිාපාටියන් යටතේ තනිව වැඩ කල හැකි ශිල්පීන් බිහි කිරීම වෘත්තිමය වශයෙන් විවෘත වී යනවා.. මේ අවස්ථාවේදී අත්දැකීම් බහුල බාස් කියන චරිතය පස්සට යනවා.
නමුත් ඔහුගේ මුදල හා පාරම්පරික ක්‍රමවේදයන් තුලින් පහසුවෙන් පාරිභෝගිකයා ඔහුගේ සේවය වෙනුවෙන් පෙළගැහෙනවා...
NVQ කරපු හෝ බාගෙට හෝ කරපු කෙනා මමයි වැඩ දන්නේ බාස්ල දන්නෙ දෙයක් නෑ කියලා අලුත් උපකරණ ටිකක් අරන් වැඩ්ට බහිනවා....
නමුත් මේ දෙගොල්ලන්ගෙන්ම වෙන්නේ විදුලි කාර්මික කටයුතුයි.. විදුලි කාර්මිකයාගේ චරිතයයි..
නමුත් මේ දෙගොල්ලන්ම ඒ චරිතයන්ට හානි කරමින් ක්ෂේත්රය වනසන අවස්ථා බොහොමයි.
ඉලෙක්ට්‍රිකල් බාස් - වැරදි
- ආරක්ෂාව හා ආරක්ෂිත උපකරණ භාවිතා නොකිරීම නිසා අනතුරු ඇති කර ගැනීම.
- නිවැරදි කේබල භාවිතා නොකිරීම නිසා අනාගතයේ විහිදුම් සදහා ගැටලු ඇති විීම.
- අත්දැකීම් මත සම්මතයන්ට අනුකූලව පහසු මාර්ගයන් තුල කටයුතු කිරීම.
- නවීන පහසු බහුකාර්ය යාවත්කාලීන උපංග වෙනුවට පාරම්පරික ක්‍රමවේදයන් තුල ඇලලී සිටීම.
- උපංගවල ක්‍රියාකාරීත්වය පිළිබදව හා වඩා ආරක්ෂිත ක්‍රම වලට නොයෑමෙන් කල් පැවැත්මට හානි සිදු කරගැනීම
- නව සැලසුම් හා පහසුකම් පිළිබදව නොසිතා තමාගේ සැලසුම් අනුවම කටයුතු කිරීම
- කල් පැවැත්ම ස්ථාවර නොවීම.
ඉලෙක්ට්‍රිකල් බාස් - හරි
- අත්දැකීම් මගින් කඩිසරව හා යුහුසුලුව ක්‍රියා කිරීම
- අත්දැකීම මත පහසු ක්‍රමවේද භාවිතා කිරීම
- පාරිභෝගිකය සමග ඉතාමත් සහයෝගයෙන් කටයුතු කිරීම
- මිල ගණන් හා භාවිතා කරන පහසු උපාංග නිසා පිරිවැය අඩු වීම.
- ඇස්තමේන්තු සැකසීම පාරිභෝගික හැකියාව මත තීරණය කිරීම.
විදුලි කාර්මික ශිල්පී-
මා මෙතනදී අර්ථ දක්වන්නේ NVQ හෝ රජයේ හෝ පෞද්ගලික පිළිගත් ආයතනයක පිළිගත් න්‍යායික පුහුණුවක් හා ප්‍රායෝගික පුහුණුවක් ලබා ඇති පුද්ගයාය.
මෙහිදී NVQ - 3 - මට්ටම - රජයේ පිළිගත් නිවාස වයරින් කරනය පිළිබද කුසලතාවය
NVQ - 4 - මට්ටම - රජයේ පිළිගත් කර්මාන්ත වයරින්කරනය හා තෙකලා මෝටර් හා පාලන පුවරු සැකසීම හා නඩත්තු කුසලතාවය
මෙම කුලසලතාවයන් ලබා දෙන්නේ විධිමත් ප්‍රායෝගික හා න්‍යායික පරීක්ෂණ කිහිපයක් සමත් කිරීමෙන් හා එම කුසලතාවයවයන් පිළිගත් ආයතන කිහිපයකින් කරන පරීක්ෂණ කිහිපයකින් පසුව වේ.
මෙම කුසලතාවන් ලබා දෙන්නේ තනිව කටයුතු කිරීමේ හැකියාව සපුරාලමින්ය, ඉංජිනේරු සැලසුමක් අනුව කටයුතු කිරීම, තීරණ ගැනීම වැනි තනිව ක්ෂේත්රයේ රාජකාරී කල හැකි අයවලුන් මේ ගණයට අයත් වේ..
NVQ 5/6/7 - මේම මට්ටම් ක්ෂේත්‍ර සේවක මට්ටමෙන් එහාට ගිය අධීක්ෂණ හා සැලසුම්කරණය හා නිර්මාණකරනය අදාල වේ.
නමුත් පහත කරුණු හේතුවෙන් NVQ හදාරා විදුලි කාර්මික ක්ෂේත්රයට පිවිසෙන අයගේ වැරදි හා නිවැරදි ක්‍රියා මගින් වෘත්තිය හා ශිල්පීය පිළිගැනීම වෙනස්වේ.
NVQ පුහුණු විදුලි කාර්මික ශිල්පියා- වැරදි
- දැනුම හා න්‍යායන් මුලික කොට සම්මතයන්ට අනුකුලව දිගු සෙවීම.
- ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලදී ඉලෙක්ට්‍රික් බාස්ට වඩා කාර්යාක්ෂමතාවය හීනවීම.
- ඇස්තමේන්තු සැකසීමේදී වෙළද පොළ සම්බන්ධතා හීන වීම තුලින් න්‍යායික දත්තයන් තුල ක්‍රියා කිරීම.
- නවීන ආයුධ හා උපකරණ වලින් ඔබ්බට මෙවලම් භාවිතය අපහසු වීම.
- පාරිභෝගියා හා ගැටීමේදී සහයෝගීකම හීනවීම තුලින් විශ්වාසය කඩ වීම.
- විදුලි ක්ෂේත්රයේ දැනුම පමණක් මුලික කොට ප්‍රායෝගික සාමාණය දැනුම නොමැති කම.
NVQ පුහුණු විදුලි කාර්මික ශිල්පියා - හරි
- න්‍යායන්ට අනුකූල සම්මතයන්හි පිහිටා කටයුතු කිරීම
- කල්පැවැත්ම හා නඩත්තව යන කාරණා පිළිබද සිතා කටයුතු කිරීම.
- යාවත්කාලීන උපාංග හා නවීන තාක්ෂණව භාවිතා කිරීම
- නවීන ආයධ හා මෙවලම් මගින් කාලය හා ශ්‍රමය ඉතිරි කර ගැනීමට කටයුතු කිරීම.
නමුත් මෙහිදී පෙන්වා දෙන්නේ වැරදි වශයෙන් හදුන්වනු ලබන කොටස් නිවරදි කර ගැනීමෙන් මේ වෘත්තිය කාර්යක්ෂම හා ඉතා ඉහළ පිළිගැනීමක් ඇති වෘත්තියක් කර ගැනීම අප දෙගොල්ලන්ගේම වගකීම වේ. වෘත්තීය අතපසු වීම් සමහර විට ජීවිත ගණනකගේ හා දේපළ වල විනාශයට හේතු විය හැකිය. ඒ හේතුවෙන් අප මේ සාර්ථකත්වයට යන්නේ කොහොමද
- විදුලි ශිල්පීන් වෙනුවෙන් ජාතික වෘත්තීය කුසලතාවය ලබා ගැනීම
- විදුලි කාර්මික අවසර පත්‍රය (රජය මගන් නිකුත් කරන) ලබා ගැනීම
- නිෂ්පාදන ආයතන මගින් කරන වැඩමුලු/ හදුන්වාදීම් වලට සම්බන්ධ වීම.
- සම්මත රෙගුලසීන් හා ක්‍රමවේදයන්ට අනුකුල වීම.
ඉතිං මා පොඩිවය විස්තර කලේ විශාල වශයෙන් ගැටලු ඇතිවු මාතෘකාවක්
නමුත් මම මෙහි මුලිකත්වයක් ගන්නෙක් හෝ නොවේ. අප සියල්ල වෘත්තීය ගෞරවය රුක ගන්න ඔන
කරන සෑම ක්‍රියාකාරකමක්ම නිවැරදිව කරන්න. සම්මත රෙගුලාසී භාවිතා කරන්න. නවීන ආයුධ හා උපාංග පිළිබදව දැනුවත් වන්න. අත්දැකීම් බහුල ඉලෙක්ට්‍රිකල් බාස් යනු දැනුමෙන් අඩු හෝ ප්‍රායෝගික නොවන පුද්ගලයෙක් වේ. ඔහුගෙන් ලබා ගත හැකි ඇත්දැකීම් බොහෝමයි.
න්‍යායික දැනුමෙන් පරිපුර්ණ NVQ විදුලි කාර්මික ශිල්පියාද ප්‍රායෝගික දැනුමෙන් අවමමට්ටමක පැවතියත් හැම වෙලේම සම්මතයන්ට ගරු කරන පුද්ගලයින් වේ..
එසේනම් අපේ වෘත්තිය අපි සහයොගයේන රුකගමු..
ගයාන් බණ්ඩාර - යෝජනා/ චෝදනා ඔබට භාරයි.....
Tech for You
(All Rights Received)
ගොඩාරියක් වටින කාලීන ගැටලුවක් ගොඩක් අයට තියන දුර්මතයකට ලස්සන පැහැදිලි පිලිතුරක්.. පුංචි දෙයක් මේකට එකතු කරන්න තියෙනවා.. n v q level 4 ගන්න අයකුට NVQ L 3 ඒ කියන්නේ ගෘහස්ථ wiring සහ කර්මාන්ත ආශ්රිත wiring යන දෙකම පිළිබඳ නිපුණතාවක් ඇති බවට සනාථ කරලා තමයි එන්නේ NVQ level 4 සහතික ලබා දෙන්නේ.. අනික මේ සහතිකය ට PLC, CCTV පිළිබඳ දැනුම නිපුණතාවය සහ පරිපථ ස්ථාපනය පිළිබඳවද පිළිබඳව ද හැකියාවක් ඇති බවට සනාථ කරලා තමයි සහතිකය නිකුත් කරන්නේ .. මේ සියල්ල සිදු වන්නේ ජාත්‍යන්තර මට්ටමින් පිළිගත් ආකාරයට මෙම නිපුනතාවය ලබන පුද්ගලයා සියල්ල සිදු කරන බවටයි ..
ReplyDeleteMekai bro bas kiyan kene sauththu karanna bane. Ekai. Anika baslata plc wadak na. Ekai mam kiyanne. Balamu. Prasnayak enalna neme meka krle. Bro
Delete