ධාරා පරිණාමක - CT (Current transformer) - පළමු පාඩම
ධාරා පරිණාමක - CT (Current transformer)
මා ඉදිරියේදී පරිණාමක වර්ග සහ ඒවායේ ක්‍රියාකාරිත්නය වෙන වෙනම කතා කිරීමට බලාපොරොත්තු වෙනවා. අද මම ඔයාලට ඉදිරිපත් කරන්නේ විදුලි ක්ෂේත්‍රයේ තවත් ප්‍රධාන උපාංගයක් සම්බන්ධවයිත ඒ තමා ධාරා පරිණාමක. (Current Transformer) CT.
අපේ විදුලි බල ක්ෂේත්‍රයේ ඉන්න අයනම් මේවා ගොඩාක් දැකලා ඇති. ඒත් ප්‍රධාන කාරණාව ඇහුවොත් කියන්නේ ඔකෙන් කරන්නේ ගන්න විදුලිය මනින එකනෙ කියලා..
ඇත්තටම ඒක උත්තරයක් නෙමේ
මම මේකෙන් නොතේරෙන භාෂාවෙන් නෙමේ සරලව මේ පිළිබදව විස්තරයක් ඔයාලට ගෙන එන්නම්.
අපි පාසල් අධ්‍යාපනයේදී සරල ධාරාවල ධාරාව මැනිීම සදහා ඇමීටරය නම් මිනුම් උපකරණයක් භාවිතා කලා මතක ඇති.
මේ තියෙන්නේ මේක අපි පර්පථයකට ශ්‍රේණිගතව තමා සම්බන්ධ කරන්නේ
ඒ කියන්නේ පහත විදියට
ඉතිං මේකෙන් අපිට මනින්න පුල්වන් වෙන්නේ සරල ධාරාවන්හි අඩු ධාරාවක් තමයි...එතකොට අපි කොහොමද වැඩි ධාරවක් ගමන් කරන සන්නායකයන්හි ධාරාව මැන ගන්නේ.
එහෙමනම් කරන්න තියෙන්නේ ලොකු ඇමිටරයක් සවි කරන එක නේද
නමුත් මේකෙදී අනතුරුදායක මෙන්ම ප්‍රායෝගික ප්‍රශ්න රාශියක් ඇති වෙනවා
1. පාලන පුවරු වල විශාල ඉඩක් එක් ඇමීටරයක් සදහා වෙන්කිරීමට සිදුවීම.
2. පාලන පුවරු වෙත විශාල ධාරාවක් ගෙන යන සන්නායක සම්බන්ධ කිරීමට අවශ්‍ය වීම.
3. ඒ සදහාද ලොකු පිරිවැයක් මෙන්ම විශාල අවකාශයක් අවශ්‍ය වීම
4. විශාල ධාරවන් සමග ගණුදෙනු කිරීමේදී ගිනි ගැනීම් හා වෙනත් අනතුරු සිදුවීම.
මේ කරුණු සැලකිල්ලට ගෙන තමා අපිට ධාරා පරිණාමක නම් උපකරණය නිපදවා තියෙන්නේ.
මේකෙන් සිදුවන්නේ වැඩි ධාරාවක් අනුපාතයකට පරිවර්ථනය කොට අදාල දර්ශක වෙත ලබා දීමයි.
අපි දන්නවා පරිණාමකයකින් අවකර හෝ අධිකර නම් අවධි දෙකක් යොදාගන්න පුලුවන් මේ දෙකේදිම වෙන්නේ ක්ෂමතාවය (ජවය) වෙනස් කරමින් අවශ්‍ය පරිදි සැපයුමක් පාලනය කිරීමයි.
ඉතිං ඔයාලා දන්නවා විශාල ධාරාවක් ගමන් කිරිමේදී සන්නායකයක් තුල චුම්භක ප්‍රෙරණයක් හටගන්නවා (Magnetic Flux) මෙහිදී සිදුවන්නේ තවත් දගරයක් උපයෝගී කරගනිමින් මෙම ප්‍රේරණත්වය උපායෝගී කොට ගෙන අනුපාතයකට ධාරාව තීරණය කර එය දර්ශක වෙත යැවීමයි. මෙහිදී දර්ශක වෙත යොමු කරන්නේ අඩු වෝල්ටීය හා ධාරාවක් සහිත අනුපාතයකට සැකසුනු සංඥාවක් නිසා අනුතුරු දායක නොවන අතර සිහින් සන්නායක උපයෝගී කොට ගෙන පාලන පුවරු වෙත මෙම සංඥා යැවිය හැකිය.
එසේනම් මෙම ධාරා පරිණාමක මගින්
1. විශාල ධාරා ගෙන යන සන්නායක වල ධාරාව මැනීම සදහා උපායෝගී කර ගත හැකිය.
2. පරිණාමකය හා ප්‍රධාන සන්නායකය අතර කිසිදු සම්බනධතාවක් නොමැති නිසා ආරක්ෂාව සහතිකය.
3. එක් සන්නායකයක් සදහා එක් ධාරා පරිණාමකයක් බැගින් අවශ්‍ය වේ.
4. දෙවන දගරය හරහා ගමන් ගන්නා ප්‍රධාන සන්නායකය පරිණාමකයේ පළමු දගරය ලෙස සැලකේ.
එසේනස් අපි බලමු මේ පරිණාමක වල සැලැස්ම
මේ තියෙන්නේ ධාරා පරිණාමකයක සංකේතය වේ.
මේ ධාරා පරිණාමකයන සාමාණ්‍ය ක්‍රියාකාරීත්වයයි
ඉහත රූපයෙන් දැක්වෙන්නේ ප්‍රායෝගිකව ධාරා පරිණාමක භාවිතා කරන ආකාරයයි.
දැන් අපි බලමු මොනවද ධාරා පරිණාමකයකින් කරගන්න දේවල් කියලා...
1. Indication Meters - මිනුම් දර්ශක සදහා
2. Revenue Meters - ආදාන මිනුම් දර්ශක සදහා (වොට් මීටරය වැනි)
3. Protection Relay Systems - ආරක්ෂණ පිලියවන පදිධතියට
4. Power Generation - විදුලි ජනනය දැක්වීමට
5.Plant Monitoring Systems - ජනකයේ විස්තර ප්‍රදර්ශන පුවරුවට
6. Fault Record - දෝෂ වාර්තා ලබා ගැනීමට
7. Lord control - ධාරා පාලන කටයුතු සදහා
ධාරා පරිණාමක වර්ග
සාමාණ්‍යයෙන් කර්මාන්ත විදුලි ක්ෂේත්‍රයේදී පහත වර්ගවල ධාරා පරිණාමක භාවිතා කෙරේ.
1. Window type
2. Bar type
3. Wound Type
මීට අමතරවජනන ක්‍රියාවලියේදී, විශාල වශයෙන් ධාරා බෙදුම් ක්‍රියාවලීන් වලදී පාලන කටයුතු සදහා පහත වර්ගයේ ධාරා පරිණාමක යොදා ගැනේ.
1. Hair Pin/ Tank type
2. Cascade / Eye Bolt
3. Top Core type
4. Combined Current - Voltage type
විශාල ධාරාවන් මැනීමේදී විශාල අගයන් වෙනුවට එම අගයන් යම් අනුපාතයකට අඩු කර දර්ශක වෙත ලඉා දීමට ධාරා පරිණාමක සමත් වෙයි.
ඒ අකාරයට 5A : 01A වශයෙන් අනුපාත කොට දර්ශක සදහා ලබා දෙයි.
උදා. 2000: 5 / 200: 1
ධාරා පරිණාමක නඩත්තුව
ධාරා පරිණාමක නඩත්තු කිරීමේදී ප්‍රධාන සැලකියයුතු අංග කිහිපයක් තිබේ.
1. එහි පරිවරණය ශක්තිමත්ද යන්න තීරණය කිරීම
2. මිනුම් දර්ශන නිවැරදි දැයි පරීක්ෂා කිරීම
3. නිවැරදි පරිමාණයට අනුාපාතය ගැලපේද යන්න පරීක්ෂා කිරීම
මේ සදහා CT Analyzer නම් උපකරණයක් යොදා ගන්නා අතර, පරිවරණ පරීක්ෂායවන් සදහා Insulation Testers භාවිතා කරයි.
මේ රූපයේ පෙනෙන්නේ අධි ධාරා පරිණාමකයක ඇතුලත සැලැස්ම වේ.
තවද මෙහි දගරයන්හි රත්වීම වැලැක්වීම සදහා විගේෂයෙන් සැකසුනු පරිවරණ ලිහිසි තෙල් භාවිතා කරයි. එම ලිහිසි තෙල් පරිමාවන් නිතර පරික්ෂා කල යතු වේ.
ඉතිං යාලුවනේ මම අද කතා කලේ ධාරාපරිණාමක හා ඒවායේ ක්‍රියාකාරීත්වය සම්බන්ධවයි.
මෙහි මම ඇතුලත් කලේ ඉතාමත් සුලු කොටසක් පමණක් වන අතර ඔයගොල්ලෝ අන්තර්ජාලය, පොත් පත් මගින් තව දුරටත් කරුණු සොයා ගෙන ඔයගොල්ලන්ගේ දැනුම වර්ධනය කරගන්නා ලෙසද, මා හටත් එය දැනුම් දෙන ලෙසද ඉල්ලා සිටිනවා.
ඉතිං මේ ලිපිය තවත් නොදන්න, දන්න අයට දැනගන්න Share කරන්න. මගේ Group එක පිළිබද යාලුවෝ හැමෝටම කියන්න. ඔයාල ගාවත් තියන තොරතුරු මා වෙත එවන්න..
bandaragayan825@gmail.com
0764096053
Tech for you - ගයාන් බණ්ඩාර











Comments
Post a Comment