මොකද්ද මේ Earth Resistance කියන්නේ - ඒක මනින්නේ මොකෙන්ද?
මොකද්ද මේ Earth Resistance කියන්නේ - ඒක මනින්නේ මොකෙන්ද?
How to use this tester please download user guide
followed link
http://raboninco.com/dAOC
Earth
Resistance Tester යනු කුමක් ද?
යම් ස්ථානයක
සවිකල Earth Electrode ය සහ පොළොව
අතර පවතින ප්‍රතිරෝධ අගය (Resistance Value) මැනීම සඳහා භාවිතා කරන
උපකරණය යි.
·
සත්‍ය ලෙසම මෙම අගය 0 Ω විය යුතුය.
·
නමුත් ප්‍රායෝගිකව එය
සිදුකල නොහැකි හෙයින් ජාත්‍යන්තරව පිළිගත් අගය වනුයේ 5 Ω හෝ ඊට අඩුවිය යුතු බවයි.
Earth Resistance Value සඳහා බලපාන
මූලික සාධක ......
1.
ඉලෙක්ට්‍රෝඩයේ දිග (Length)
2.
ඉලෙක්ට්‍රෝඩයේ ප්‍රමාණය (Diameter)
3.
ඉලෙක්ට්‍රෝඩ ප්‍රමාණය (NOS)
4.
භූගත පද්ධති ක්‍රමවේදය
(System)
මෙය තවත් පැහැදිලි කරන්නේ නම් Electrode Resistance / Contact Resistance / Resistivity of soil ලෙස අර්ථ දැක්විය හැක.
භූගත ප්‍රතිරෝධය මනින
ප්‍රධාන ක්‍රමවේද යුගලයකි.
1.
නියත ධාරාව (Constant
Current)
2.
නියත විභවය (Constant Voltage)
අඩු ප්‍රතිරෝධ මැනීම සඳහා නියත ධාරා ක්‍රමවේදය ද විශාල ප්‍රතිරෝධ
මැනීම සඳහා නියත විභව ක්‍රමවේදය ද භාවිතා කරයි.
IMPORTANT
METHODS OF EARTH TESTING
1.
2 Point Method.
P1 C1 – Ground Electrode.
P2 C2
– Separate Grounding Point.
2.
3 Point Method (Fall – of - Potential)
P1 C1 - (Jumpered on the Znstrument ) – Earth
Electrode
C2 – Driven into the earth as far from
the Earth Electrode.
P2 – Driven into the earth
(E, C1 ∞ C2
Straight)
3.
4 Point Method.
Most commonly used for Measuring Soil
Resistivity.
4.
Clamp on Method
It is quick , easy and also overall grounding
resistance
පස්වල ප්‍රතිරෝධය
( Soil Resistivity )
Earth Electrode හි භූගත ප්‍රතිරෝධ
අගය සඳහා ඍජුවම පසේ ප්‍රතිරෝධී අගය
බලපායි. ඒ හෙයින් භූගත ආරක්ෂණ ක්‍රමවේදයන්වල දී පිහිටි පස් පිළිබඳව සැලකිලිමත් වීම
අනිවාර්ය වේ.
උදාහරණයක් ලෙස මැටිවල (Clay) ප්‍රතිරෝධී අගය 40 Ω වන අතර වැලිවල (Sand) එය 2000Ω පමණ වේ.
මෙහිදී 4 Pint Method භාවිතා කරනු ලබන අතර C1 , P1 , P2 සහ C2 ලෙස Probe ඒක රේඛීය ආකාරයට සමාන
දුරකින් පොළොවට සවිකරනු ලැබේ.
2 Point Method (Dead Earth)
භූගත කූරැ (Probe) පොළොවට සවිකිරීමට නොහැකි ස්ථාන මැනීම සඳහා
මෙම ක්‍රමවේදය භාවිතා කරයි.
P1 C1 Terminals මැනීමට අවශ්‍ය
භූගතයට සම්බන්ධ කර ,P2 C2
ස්ථානයේ පවතින සියළු යකඩ හා සම්බන්ධ කරයි. (Water Pipe / Building Steel) මෙය ඉතා පහසු ක්‍රමවේදයක්
වුවද Three Point Method වලට සාපේක්‍ෂව
නිවැරදිතාවය අඩුවේ.
Clamp
on Method
විභව වෙනස්කිරීමේ ක්‍රමවේදයේ දී (Fall – of – Potential ) කාලය සහ කම්කරු ශ්‍රමය විශාල වශයෙන් අවශ්‍ය
හෙයින් ද සෑම භූගත සම්බන්ධයක්ම ඉවත් කිරීමට (Disconnected) සිදුවීමද ගැටළු
සහගත හෙයින් මෙම ක්‍රමවේදය යොදාගන්නා නමුත් ජාත්‍යන්තර (IEEE) පිළිගැනීමක් නොමැත.
මෙම ක්‍රමවේදයේ දී මුලික සංකල්පය ලෙස
ඕම් නියමය (Ohm’s Law) වූ V = IR භාවිතා කරයි.
දන්නා විභවයක් පරිපථයට සැපයීම මගින් Clamp on Meter භාවිතයෙන්
ගලායන ධාරාව මනිනු ලැබීමෙන් ප්‍රතිරෝධ අගය ගණනය කල හැක.
SUBSTSTIONS EARTHING
මූලිකවම
පුද්ගල ආරකෂාව සහ උපකරණවල ආරකෂාව සඳහා යොදාගනී.
ලංවිම ක්‍රමවේදය
අනුව, අධිසැර
විදුලි මාර්ගයේ Earth Conductor/
Surge Arrestor සහ Transformer
tank එකට සම්බන්ධ කර එක් Earth Electrode යොදනු ලැබේ.
Star
සම්බන්ධතාවයක් සහිත තාරාපැවියක් හේතුවෙන් එහි Netural
අග්‍රය තවත් Electrode
යක් හරහා භූගත කෙරේ.
මෙම භූගතයන්
යුගලය අතර අවම පරතරය 3.0 m ලෙස තබාගනී.
(1.2m දිග Earth rod භාවිතා කිරීම
හේතුවෙන්)
දැනට කෑගල්ල
කාර්යාලය සතුව පොදුව පවතින Megger
DET4TR2 3 Point Earth Tester භාවිතා කර භූගත ප්‍රතිරෝධය
මනින ක්‍රමවේදය,
1.
මෙහි ඉදිරිපස ඇති selection knobe එක off සිට Ω (2P/3P/4P) දක්වා
කැරකැවීම මඟින් බැටරි අරෝපිත තත්ත්වය (ප්‍රමාණය) මනින වොල්ටීයතා අගය(25/50V)ප්‍රත්‍යාවර්ත ධාරාවක්
සහිත වෝල්ටීයතාවයක් (V ) සහ උපකරණයේ
සම්බන්ධතාවයන් නිවැරදි බව (✓) display
වීම මඟින් උපකරණයේ ක්‍රියාකාරීත්වය පළමුව නිරීක්ෂණය කරන්න. (Test අවස්ථාවේදී නිවැරදි සම්බන්ධතාවයන් නොමැති
නම් ( × ) දිස්වේ.)
2. Colour Code අනුව කොළ පැහැති වයරය කොළ අග්‍රයටත්, රතු පැහැති වයරය රතු අග්‍රයටත් සහ කහ පැහැති වයරය කහ අග්‍රයටත්
සම්බන්ධ කරන්න.
3. කොළ පැහැති වයරය Earth Electrode එකට
සම්බන්ධ කරන්න / රතු පැහැති වයරය Earth
Electrode සිට
මීටර් 15කට වැඩි දුරකින් යකඩ කූර (Probe) පොළොවට ගසා එයට
සම්බන්ධ කරන්න.
4. ඉන්පසු පාඨාංක අවස්ථා ගණනාවක් ගතහැකි ලෙස යකඩ කූර Earth Electrode සිට මීටර් 2 ක් පමණ
දුරින් Earth Electrode සහ රතු පැහැති වයර් කූර ඒක රේඛීය වන ලෙස ගසා කහ පැහැති වයරය සම්බන්ධ
කරන්න.( කොළ - Earth rod , රතු -
current rod සහ
කහ - Voltage rod සමග සම්බන්ධ කරන්න.)
5. ඉන්පසු උපකරණයේ 3P අවස්ථාවට knobe එක කරකවා
තබන්න. මේ අවස්ථාවේදී පාඨාංක ලබාගැනීමට හැකි ලෙස සම්බන්ධතාවයන් නිසි
පරිදි පිහිටන්නේදැයි display මඟින් බලාගත
හැක.
6. අවශ්‍ය නම්
25/50V අවස්ථා යුගලයෙන් එක්
අවස්ථාවක් තෝරාගන්න.(Press 25/50V
Button)
7. ඉන්පසු Test Button ඔබන්න. විනාඩියකට ආසන්න
අවස්ථාවක දී Earth Resistance අගය
display වල දිස් වේ. යම් හෙයකින් පද්ධතියේ කාන්දුවීමක් මගින්
වෝල්ටීයතාවයක් පොළොව මත ඇතිවුනි නම් ප්‍රතිරෝධ අගය නොපෙන්වා එම වොල්ත අගය පෙන්වයි.
8. මෙම ආකාරයට රතු පැහැති වයර කූර මීටර් 4, 6, 8, 10, 12, 14, 16 ආකාරයට වෙනස්
කරමින් පාඨාංක 10ක් පමණ ලබාගන්න.
9.
උක්ත පරීක්ෂණය තවත් දිශාවකට එලෙස ම කරන්න.
(Compas භාවිතයෙන් දිශාව සලකුණු කල හැක.)
1 0.
ඉන්පසු දුරට ඉදිරිව ප්‍රතිරෝධ අගය
(Length VS Earth Value) ප්‍රස්ථාර ගතකර
(සාධාරණ ආකාරයට) එහි අනක්‍රමණය ශුණ්‍ය (0) වන අවස්ථාවේ ප්‍රතිරෝධ අගය ලබාගන්න.
1 1. දිශා යුගලයක දී අවස්ථා දෙකක දී ලබාගත් හෙයින්
එහි සාමාන්‍ය අගය (Average) ලබාගන්න. එය භූගත ප්‍රතිරෝධ
අගය වේ.
1 2.
ඉන්පසු එම අගය අනුව තවත් සමාන්තරගතව භූගතයන් යෙදිය යුතු දැයි නිගමනය කරන්න.
v මෙම උපකරණයෙන් වොල්ටීයතාවය මැනීමට අවශ්‍ය නම් knobe V
ස්ථානයට කැරකැවීම මගින් සිදුකල හැකිය. එහිදී ද බැටරි
ආරෝපිත ප්‍රමාණය V අගය මුල්
අවස්ථාවේදී පෙන්නුම් කරයි.
How to use this tester please download user guide
followed link
http://raboninco.com/dAOC




Comments
Post a Comment