Facebook and whatsapp හවුල

Facebook ආයතනය විසින් WhatsApp හරහා personalized ads පෙන්වීමට නැවත වරක් සැලසුම් කරයි

මේ ඒකාබද්ධ කිරීම මගින් WhatsApp දත්ත භාවිතා කරමින් මුදල් ඉපැයීමට ඔවුන් සැළසුම් කර තිබුණත්, මේ සඳහා අනුමාන කරනු ලැබූ කාලයට වඩා වැඩි කාලයක් ගත වන බවත්, 2020 වර්ෂය අවසානයේදී වත් එය සම්පූර්ණ කිරීමට නොහැකි වන බවත් Mark Zuckerberg ප්‍රකාශ කර ඇති අතර මේ හේතුව නිසා WhatsApp හරහා මුදල් ඉපැයීමට වෙනත් ක්‍රමයක් භාවිතා කළ යුතු වන බවට යෝජනා වී තිබෙනවා.
මේ තත්ත්වය හමුවේ Facebook සමාගම විසින් WhatsApp හරහා ads පෙන්වීමට නැවත සැලසුම් කර ඇති බව The Information වෙබ් අඩවිය වාර්ථා කරනු ලබනවා.
Facebook සමාගම සැලසුම් කර ඇත්තේ පරිශීලකයන්ගේ Facebook ගිණුම වල ඇති දුරකථන අංක හා WhatsApp දුරකථන අංක ගැලපීමෙන් WhatsApp හරහා ඉලක්කගත දැන්වීම් පෙන්වීමටයි.
කෙසේ වෙතත්, සමාගම තුළ සිටින සමහර විධායකයින් මෙම සැලැස්මට විරුද්ධ බව වාර්තා වන අතර, එය ඇතැම් WhatsApp පරිශීලකයන් විසින් තම Facebook ගිණුම් මකා දැමීමට හේතු විය හැකි බව ඔවුන් පෙන්වා දෙනවා.



Comments