Fiber Optic ජාලය - මුල් කොටස
Fiber Optic ජාලය - මුල් කොටස
මෙම Fiber Optics තාක්ෂණය ගොඩක් යොදාගනු ලබන්නේ අන්තර්ජාල සේවා සපයන්න වගේම රට රටවල් අතර ගොඩ දුරක් දත්ත රැගෙන යන්න ඕනේ අවස්තාවන් හිදී. නැතිනම් ලොකු සමාගමක් නම්, බිල්ඩින් කීපයක් සම්බන්ධ කරන අවස්ථාවකදී වගේත් භාවිතයට ගනු ලබනවා. උදාහරණයක් විදියට ලංකාවේ ටෙලිකොම් , ඩයලොග් වැනි දුරකතන සමාගම් ඔවුන්ගේ සේවාව මෙම තාක්ෂණය ඔස්සේ දියත් කිරීමේ අරමුණින් Fiber Optic ජාලයක් රට තුල එලමින් සිටිනවා.
මෙහි වේගය මනිනු ලබන්නෙ ගිගා බිට් (Gbps) වලිනි. කේබල් හා එහි ප්රමාණය, වර්ගය, තන්තුවේ ප්රමානය ආදිය මත වේගය වෙනස් වෙනවා. අප අනෙක් රටවල් හා සම්බන්ධ වී අන්තර්ජාලය භාවිතා කරන්නේත් මුහුදු පත්ලෙන් ඇද ඇති මෙම කේබල් හරහායි. ඒවා සමුද්රස්ථ කේබල්නැත්නම් under sea cables ලෙස හදුන්වනවා.
ඉස්සරනම් මේ සදහා යොදාගත්තේ කොපර් වුනත් දැන් මේවාට යොදාගන්නේත් ෆයිබර් කේබල්මයි. ෆයිබර් කේබල්ස් flexible වන අතර end user ඒවා ලෙස හැදින්විය හැක . එනම් සාමාන්ය පාරිබෝගිකයන්ට ලබා ගැනීමේ හැකියාව අඩු වීම ඊට හේතුවයි.





Comments
Post a Comment