විලායක ගැන හරියට ඉගෙනගමු - Fuse Introduction - පාඩම් අංක 02

විලායක ගැන හරියට ඉගෙනගමු - Fuse Introduction  - පාඩම් අංක 02



ඔන්න ඔයගොල්ලො දන්න තවත් සාමාජිකයෙක් ගැන අලුත් පාඩමක් ගෙනාවා.
විලායක නැත්නම් Fuse ගැන තමා ඉතිං මම මේ සටහනෙන් කතා කරන්නේ

හැදින්වීම

පරිපථයක  දෝෂයක් ඇතිවූ විට ඒ තුලින් පවතින ධාරාවය වඩා වැඩි ධාරාවක් ගමන් කිරීමට උත්සාය දරයි. එමගින් පරිපථයේ බැරයන්ට හා පරිශීලකයන්ට අනතුරු වෙයි. මෙය වළක්වාගෙන පරිපථයත්, බැරයනුත්, පරිශිලකයනුත් ආරක්ෂා කරගැනීමට විලායක හෙවත් Fuse පරිපථ බිදිනයක් වශයෙන් භාවිතා කරයි.

ඉහත පළවනි රූපයේ දැක්වෙන්නේ සාමාණ්‍ය පරිදි බැරයක් ක්‍රියාත්මක වීමයි. නමුත් දෙවන රූපයේදී රුහැනක් මගින් පරිපථය ලුහුවත් වී ඇත. එවිට පරිපථය මගින් විශාල ධාරාවක් ලබා ගන්නා බැවින් එහිදී විලායකය දැවී ගොස් පරිපථය විවෘත වී ආරක්ෂාව ලබා දේ...

මෙහිදී වැදගත් වන්නේ පරිපථයෙන් සම්පුර්ණයෙන් ලබාගන්නා ධාරාවට ගැලපෙන පරිදි යොදන ලද විලයකය පරිපථය ලුහුවත් වීමකදී හෝ වැඩි ධාරාවක් ලබා ගැනීමේදී පිලිස්සී යන පරිදි යෙදීමයි.

උදා - අපි හිතමු 230v විභවයකට 1000w ක්ෂමතාවයකින් යුත් බැරයක් සහිත පරිපථයක් සදහා යෙදීමට යෝග්‍ය විලායකය ගණනය කරමු

 සැපයුම් විභවය  - 230v
බැරයේ ක්ෂමතාවය - 1000w
එසේනම් බැරය මගින් ලබාගන්නා ධාරාව  - P = VI අනුව
                                                                  I= 1000/230
                                                                 I = 4.34A වේ.
මේ අනුව මෙම පරිපථව සදහා සුදුසු විලායකය වන්නේ 5A විලායකයක් වේ.


එසේනම් දැන් අපි බලමු ලෝකයේ භාවිතා කරන විලායක වර්ග මොනවද කියලා




AC Fuses -
ප්‍රත්‍යාවර්ථ ධාරා බෙදාහැරීම් පරිපථයන්හි  මෙම AC Fuses භාවිතා කෙරේ..
මෙය ප්‍රධාන කොටස් දෙකකට වෙන් කෙරේ.

1. LV Fuses - 230/400
2. HV Fuse - 400 above

Lv Fuse අඩු ධාරාවන් සදහා යොදාගන්න අතර ක්‍රියාකාරීත්වය අනුව ප්‍රධාන කොටස් කිහිපයකි.400 v වලින් පහල හා ගෘහස්ථ විදුලි උපකරණ සදහා මෙම විලායක භාවිතා කෙරේ.

1. Cartridge type Fuse

මෙය වීදුර බටයක් හෝ සෙරමික් බටයක් තුලින් සිහින් කම්බියක්(සන්නායකයක්) සම්බන්ධකර දෙකෙලවර පරිපථයට සම්බන්ධ වන අයුරින් නිපදවා ඇත. මෙය පරිපථයට සම්බන්ධ කිරීම සදහා ඒ සදහා නිපදවූ අල්ලු හෝ එය රුදවීමට ආධාරක මගන් සම්බන්ධ කරනු ලැබේ.(Fuse Holders)

වාසි

- මෙහි වියලන සාධකය අඩු වැඩි ප්‍රමාණයන්ගෙන් අඩු මුදලට මිලදී ගැනීමට හැකිය.
- පැහැදිලිව වියලන සාධකය විලායකය මත සටහන් කර ඇත.
- දැවී ගිය පසු ඉතා පැහැදිලිව බලා ගැනීමට හැකි වීම.
- නැවත යෙදීමේදී ඉතා පහසු වීම.

අවාසි

- වැඩි ධාරා සදහා ඔරොත්තු නොදේ.
- ඉක්මණින් විසන්ධි වී යයි.
- නිතරම පිළිස්සී යෑමෙන් අයල වියලන සාධකය වෙනස් වීමටද පුලුවනිය.

2. Rewireble Fuse -  නැවත කම්බි යෙදිය හැකි විලායකයන්

 
ප්‍රධාන වශයෙන් පැරණි ගෘහ විදුලි පරිපථවලදී මෙම විලායකය හමුවේ. විලායකය පිලිස්සී ගිය පසු නැවත එම වියලන සාධකය ඇති සන්නායක කම්බියක්ම නැවත යෙදීමට හැකිය.

වාසි

- පහසුවෙන් අලුත්වැඩියා කරගත හැකි වීම
- විලායක කම්බි මිලෙන් ඉතා අඩු වීම.
- යාන්ත්‍රික කොටස් නොමැති වීම.
- පිලිස්සී ඇති බව තහවුරු කර ගැනීම පහසු වීම

අවාසි

- වැරදි වියලන සාධයක් සහිත කම්බියක් පහසුවෙන් යෙදිය හැකි වීම
- කියවුම සටහන් කර නොතිබීම.
- වාතයට විවෘත වී ඇති බැවින් විකාදනය වී අඩු ධාරායක් යටතේ වුවද වියලනය වීම.
- ඉතා විශාල ධාරාවන් සදහා යොදා ගැනීමට නොහැකි වීම.

3. Striker type Fuse




බොහෝවිට පරිපථ පුවරු වල දැක ගත හැකිය. සිලින්ඩරයක් ආකාරයට නිපදවා ඇති මෙම විලායක යම් කිසි අල්ලුවක බහා ලිවරයක් මගින්  හෝ පියනක් මගින් පරිපථයේ සම්බන්ධක හා සම්බන්ධ කිරීමට හැකි අයුරින් නිපදවා ඇත.

වාසි

- ඉතාම ආරක්ෂාකාරී වීම.
- ඉතා ඉක්මණින් සම්බන්ධ කර ගත හැකි වීම.
- ආවරණයක් සහිත නිසා විඛාදනය වී වියලන සාධකය වෙනස් නොවීම.

අවාසි

- මිලෙන් ඉතා ඉහළ වීම
- නැවත සවි කිරීහ අපහසු වීම
- පිලිස්සී ඇතිදැයි බැලීමට අදාල ලිවරය ගලවා බැලිය යුතු වීම.

4. Switch type Fuse

සාමාණ්‍ය MCB ආකාරයෙන් නිපදවා ඇති මෙම විලායකයන් MCB ආකාරයෙන්ම Encloser සදහා සවි කිරීමට හැකිවේ. උප පරිපථ දිගු සෑදීමේදී බහුලව භාවිතා වේ. MCB වල මෙන් මේවායේ Bymetal Palate භාවිතා නොකරන අතර ඒ වෙනුවට ධාරා පැන්නුමක් භාවිතා කෙරේ.

වාසි

- මෙහි ඇති වහරුව මගින් පහසුවේන් යථා තත්වයට පත් කල හැකිය.
- සවි කිරීම පහසුය
- වියලනය වන ධාරාව පැහැදිලිව සටහන් කර තිබීම

අවාසි

- විශාල ඉඩක් ලබා ගැනීම
- මිලෙන් ඉහළ වීම
- අක්‍රීය වුවහොත් නැවත විලායකයක්ම යෙදිය යුතු වීම.

5. Drop Out Fuse

ප්‍රධාන වශයෙන් බෙදාහැරුම් තාරපැවි(Transformer) වල අධි ධාරා HV Side සදහා භාවිතා වේ. උපරිම වොල්ටීයතාවය 33000ට සීමා වී ඇත. සෙරමික් බටයත් තුල වියලනය වන කම්බිය යවා ඇත. එමගින් පරිවරණය මෙන්ම ගින්නක් ඇතිවීමද වළක්වා ඇත.

උදා - ඇද හැලෙන පැන නගින වහරුව  - DDLO ( Drop Down Lift On)

මේවා බොහෝ විට බිම සිට Hot Stick මගින් ක්‍රියාත්මක කිරීමට නිපදවා ඇත.

වාසි

- විසන්ධි කිරීමේදී ගින්නක් ඇති නොවීම
- ආරක්ෂිතව ක්‍රියා විරහිත වු විට නැවත සවි කිරීමට හැකි වීම.
- අධි ධාරා සදහා භාවිතා කරීමට හැකි වීම.

අවාසි

- මෙම වහරුව හා වහරු රදවනය ඉතා මිලෙන් වැඩි වීම.
- නැවත කම්බි සවීකිරීමට නොහැකි  වීම.

6. High Rupturing Capacity Fuse - HRC Fuse - ඉහළ විධාරණයක් ඇති විලායකය




ප්‍රධාන වශයෙන් බෙදාහැරීම් තාරපැවි සදහා අඩු ධාරා (LV Side) සදහා භාවිතා වේ. මෙය තවත් බහාලුමක දමා පර්පථයේ ඇති අල්ලුව වෙත සවි කරනු ලැබේ. එහි ඇති නියෝන් බල්බයක් මගින් වියලයන වූ බව දර්ශනය කරයි. මෙහි වියලනය වී විසන්ධි වීම සිදුවන්නේ සෙරමික් බටය ඇතුලේ වේ එමෙන්ම ඒ තුලට සිලිකා වැලි පුරවා ඇත. එමගින් ගින්නක් ඇති වීමක් සිදුවන්නේ නැත. උපරිම 600v/ 160A වශයෙන් ලබා ගත හැකිය.



තවත් විලායකයන් ගැන ඉදිරියේදී අපි කතා කරමු.
ඔයාලගේ අදහස් යෝජනා  චෝදනා මට ගොඩාක් වටිනවි

Facebook - Gayan Badnara
emali -  bandaragayan825@gamil.com
number - 076 4096053
Tech for You Group - Gayan Badnara

Thank you

Comments