Potential Transformer (PT) - විභව පරිණාමක - මුලික හැදින්වීම

Potential  Transformer (PT)  - විභව පරිණාමක - මුලික හැදින්වීම 





ඉතිං යාලුවනේ අද මම කතා කරන්න යන්නේ විභව පරිණාමක හෙවත් Potential Transformer (PT)  ගැනයි.

ඇත්තටම විදිලි පාලන ක්ෂේත්‍රයේ තවත් එක් දැවැන්තයෙක් තමා මෙයා..

ඔයාලට පරිණාමක ගැන ලිපියක් ලියන්න බලාපොරොත්තුවෙන් හිටියත් ඒකට අවශ්‍ය කරුණු මෙන්ම කාලය පිළිබද ගැටලු නිසා තවත් එම ලිපිය කිහිපදවසක් කල් යනවා..

අපි විභව අන්තරය පරීක්ෂාන්නේ  වෝල්ටී මීටරයෙන්, ඒක මනින ඒකකය වෝල්ට්. එතකොට ජවය මැනීමේදී  විභව අන්තරය එක් පාර්ශව කරුවෙක් වෙනවා... මෙම මුලික කරුණු ඔය ගොල්ලො ඇත්තටම දන්නවා.

අපි පාසල් කාලයේ හෝ යම් යම් ගෘහස්ථ උපකරණයන්හි විභව අන්තරය පරීක්ෂා කරන වාර අනන්තයි. මෙහිදී අපි වෝල්ටී මීටරය  හෝ මල්ටිමීටරයක් උපයෝගී කර ගනිමින්.සරල හෝ ප්‍රත්‍යාවර්ත අඩු වොල්ටීයතාවන් පරීක්ෂා කරනවා.



ඔය ඉහතින් තියෙන්නේ එම මිනුම් උපකරණයි.

ඉතිං අපි බලමු දැන් විශාල ප්‍රමාණයේ විභව අන්තරයක් පරීක්ෂා කරන්නේ කොහොමද කියලා.
මම ධාරා පරිණාමක සටහනේදී පැහැදිලි කරා සේම, විශාල විභවයක් දර්ශක වෙත ගෙන ඒමට විශාල කේබල අවශ්‍යයි, එමෙන්ම විශාල ප්‍රමාණයේ විභවය මනින මිනුම් උපකරණ අව්‍යශයයි, එමෙන්ම පාලන පුවරු වල විශාල ඉඩක් ලබා ගන්නවා.
ඊට ප්‍රධාන වශයෙන් එය ඉතාමත් අනතුරු දායකයි.

ඉතිං අපි බලමු සාර්ථකව මෙම කාර්යය ඉටු කර ගන්නේ කොහොමද.

අපි දන්නවා කොහොමද වෝල්ට් මීටරයක් පර්පථයකට සම්බන්ධ වන්නේ කියලා, මතක නැත්නම් පහත රූප සටහන් බලමුකෝ


ඉතිං මේ ක්‍රමයට සම්බන්ධ වන වෝල්ට් මීටරයක් මගින් තමා අපට විභවය මැන ගන්න පුලුවන් වෙන්නේ.

එසේනම් අධි විභවයක් සහිත පරිපථයකට  කොහොමද වෝල්ටී මීටරයක් සම්බන්ධ කරන්නේ කියලා පහලින් බලමු.

මෙතනදි සිදුවන්නේ අධිධාරවට සම්බන්ධ කරන අවකර පරිණාමකයක් මගින් යම් අනුපාතයකට විභව අන්තරය අඩු කොට එම අඩු කරන අගයන් දර්ශක වෙත යැවීමයි.
එසේම ප්‍රධාන පරිපථයෙන් මිනුම් දර්ශන පරිපථව වෙන් කිරීමක්ද (Isolate) මෙම පරිණාමක මගින් සිදුවෙනවා. එම නිසා ආරක්ෂාව තහවුරු වෙනවා.

මෙහි ප්‍රධාන වයෙන් ඇතුලත හා පිටත පරිසරයේ භාවිතා කර හැකි පරිද්දෙන් පරිවරණ ක්‍රමයන් හා කාලගුණික තත්වයන්ට ඔරොත්තු දෙන පරිදි පරිණාමක නිෂ්පාදනය කරනු ලබනවා.
එමෙන්ම දගරයන්හි රත්වීම පාලනය කිරීමට පරිවරණ  තෙල් වර්ගත් භාවිතා කරනවා.

මෙමගින් ලබා ගන්නා සංඥා

1. දර්ශක - Indication Meters
2. ආදන මිනුම් දර්ශක - Revenue Meters
3. ආරක්ෂක පිළියවන පද්ධතියට - Protection Ralay
4. විදුලි ජනනය දැක්වීමට - Power Generation
5. දෝෂ වාර්තා ලබා ගැනීමට - Fault Record
6. පාලන කටයුතු සදහා  - Controlling

වැනි කටයුතු වලට යොදා ගන්නවා.

මෙහි නිෂ්පදනය කරන ක්‍රම අනුව විවිධ නියමයන්ට අනුව නිපදවූවත් පිටත භාවිතයට ගන්න විභව පරිණාමකයක් පහත කොටස් වලින් තමයි සැකසී තියෙන්නේ.


තවද මෙහි භාවිතා කරන තාක්ෂණය හා විභව පරිණාමකයේ ආරක්ෂාව හා නිරවද්‍ය තොරතුරු ලබා ගැනීම සදහා විවිධ උපායන් යොදා තිබේ.
ධාරිත්‍රක අඩංගු කොට නිපදවා ඇති විභව පරිණාමක මේවට උදාහරණ වේ
Capacitor Voltage Transformer (CVT)
Capacitor Potential Transformer  (CPT)


ඉතිං ඔයගොල්ලන්ට පුලුවන් තව දුරටත් මේ පිළිබදව මගේ ඉදිරි සටහන් තුලින් කරුණු දැනගන්න

ඔයාලගේ යාලුයන්ටත් බලන්න මේ ලිපිය Share කරන්න

ස්තූතියි

ගයාන් බණ්ඩාර -  Tech for you

Comments