සම්මත වෝල්ටීයතා බැස්ම - හැදින්වීම - Standed Voltage Drop

සම්මත වෝල්ටීයතා බැස්ම - හැදින්වීම - Standed Voltage Drop






විදුලිය ගමන් කිරීමට ගන්නා සන්නායක රුහැන් සියල්ලහිට යම් ප්‍රතිරෝධයක් පවතී. සන්නායකය නිපදවන ලෝහ වර්ගය අනුව මෙම ප්‍රතිරෝධයේ අගය වෙනස් වේ.  (සන්නායක, සුපිරි සන්නායක වශයෙන් ගත්කල), එමෙන්ම එය සන්නයකයේ දිග හා හරස්කඩ ක්ෂේත්‍රඵලය අනුව වෙනස් වේ.

මේ අනුව විදුලි පිහිටැවුමක ප්‍රධාන සැලයුම් ඒකකය හා බැරය අතර දුර වැඩිවීම හේතු කොට ගෙන සන්නායකයේ දිග වැඩිවේ. ඒ හේතුවෙන් එහි ප්‍රතිරෝධයද වැඩිවේ. මෙසේ ප්‍රතිරේධය වැඩිවීම නිසා සන්නායකයේ දෙකෙලවර වෝල්ටීයතාවයහි බැස්මක් ඇතිවේ. මේ නිසා බැරයට ලැබිය යුතු නියමිත වෝල්ටීයතාවය අඩුවීමක් සිදුවේ. ඒ හේතුවෙන් බැරයේ ක්ෂමතාවය අඩුවේ. 


මෙම තත්වය අවම කර ගැනීම සදහා විදුලි ඉංජිනේරු රෙගුලාසි මගින් සන්නායක සදහා නිර්දේශිත උපරිම වෝල්ටීයතා බැස්මක් හදුන්වාදී ඇත. එහි අගය නම් සැයලුම් වෝල්ටීයතාවයෙන් 4% වේ. මේ අනුව සෑම විදුලි පිහිටැවුමක් සදහාම සම්මත සැපයුම් වෝල්ටීයතාවයෙන් 4% නොඉක්මවන පරිදි ඒ සදහා නියමිත  කේබලය තෝරා ගත යුතු වේ. එමගින් සෑම බැරයක් සදහාම රේඛිත වෝලටීයතායක් ලබා දීමට හැකිවේ.

මෙම වෝල්ටීයතා බැස්ම එක් එක් සන්නායකය සදහා එහි දිග හා ගලායන ධාරිතාවය මත පහසුවෙන් ගණනයකර ගත හැකි වන අතර ඒ අනුය දත්ත කේබල නිෂ්පාදන සටහන් වගුවල ද පැහැදිලිව දක්වා ඇත.

මෙහිදී සම්මත වෝල්ටීයතා බැස්ම ඇම්පියරයට මීටරයට මිලි වෝල්ට් වලින් ප්‍රකාශ කෙරේ. mv/A/m

ඒ අනුව උදාහාරණයක් වශයෙන් පහත පරිදි,

15A ධාරාවක් රුගෙන යාම සදහා 7/ 0.53 හර දෙකේ කේබලක් 40m දුරකට අවශ්‍ය වේ නම්, මෙම කේබලය සම්මතයන්ට අනුය භාවිතා කිරීමට හැකිද යන්න ගණනය කලහොත්,

7/0.53 කේබලයට අදාල සම්මත වෝල්ටීයතා බැස්ම කේබල් වගුවලට අදාලව  - 29mv/A/m වේ.
 230v සැපයුමකදී තිබිය හැකි උපරිම වෝල්ටීයතා බැස්ම -(230×4) /100 = 9.2v  වේ.

7/0.53 කේබලයකින් 15A ධාරාවක් 40m දිගකට වෝල්ටීයතා බැස්ම - mv/A/m
                                                                                                        29x 15x 40

                                                                                                        17400/1000

                                                                                                       17.4 v
එසේනම් මෙම කේබලය භාවිතා කිරීම සම්මතයන්ට  අනුකූල නොවේ.




එසේනම් අප 7/0.67 කේබලය මේ සදහා සුදුසුදැයි විමසා බලමු

7/67කේබලයට අදාල සම්මත වෝල්ටීයතා බැස්ම කේබල් වගුවලට අදාලව  -18mv/A/m වේ
 230v සැපයුමකදී තිබිය හැකි උපරිම වෝල්ටීයතා බැස්ම -(230×4) / 100 = 9.2v  වේ.

7/0.67 කේබලයකින් 15A ධාරාවක් 40m දිගකට වෝල්ටීයතා බැස්ම - mv/A/m
                                                                                                     18x15x40

                                                                                                        10800/ 1000

                                                                                                       10.8v
ඒ අනුව එම කේබලයද  මේ සදහා යෝග්‍ය නොවේ...


එසේනම් අප මී ලගට වෙළද පලහි ඇති කේබලය සම්බන්ධයෙන් විමසා බලමු.



දැන් අප 7/0.85 කේබලය සුදුසු දැයි විමසා බලමු

7/0.85කේබලයට අදාල සම්මත වෝල්ටීයතා බැස්ම කේබල් වගුවලට අදාලව  -11mv/A/m වේ
 230v සැපයුමකදී තිබිය හැකි උපරිම වෝල්ටීයතා බැස්ම -(230/4) 100 = 9.2v  වේ.

7/0.85 කේබලයකින් 15A ධාරාවක් 40m දිගකට වෝල්ටීයතා බැස්ම - mv/A/m
                                                                                                     11x15x40

                                                                                                     6600/1000

                                                                                                       6.6v 

සම්මතයන්ට අනුකූලව 230v අගයකදී උපරිම වෝල්ටීයතා බැස්ම 9.2 v වන බැවින් 7/0.85 කේබලයේ මෙම බැස්ම 6.6v බැවින් මෙම කේබලය සම්මතයට අනුකූලව මෙම පිහිටැවුම සදහා සුදුසු බව ඉංජිනේරු රෙගුලාසීන් අනුව ප්‍රකාශ කරමි.


මෙසේ අපට ඕනම දුරක් සදහා ගැලපෙන නිවැරදි කේබලය සොයා ගැනීම සදහා ගණනය කිරීම් කල හැක. මෙහිදී ප්‍රධාන වන්නේ බැරය මගින් ලබා ගන්නා ධාරාව හරියාකාරව අදුනා ගැනීමයි.

ඉතිං මින් ඉදිරියට ඔබත් ඇස්තමේන්තුවක් සැකසීමේදී මෙන්ම ක්ෂේත්‍රයෛ් නොයෙක් කටයුතු වලදී නිවැරදී කේබලය තෝරා ගැනීමේදී  මේ පිළිබදව අවධානය යොමු කොට නිවැරදි සන්නයකය තෝරා ගන්නා ඇතියි මා විශ්වාස කරනාව

මාගේ ලිපිය කියවූ සියලු දෙනාටම බෙහෙවින් ස්තූතියි
යාලුවන්ට බලන්න Share කරන්න

සුභ දවසක්

ගයාන් බණ්ඩාර  - Tech For You Group
0774096053

Comments

Post a Comment