මෝටර් ඕවර්ලෝඩ් ආරක්ෂණය - Motor Overlord Protection
මෝටර් ඕවර්ලෝඩ් ආරක්ෂණය - Motor Overlord Protection
විදුලි උපකරණ ක්‍රියා කිරිමේදී ඉන් තාපයක් පිටවේ. මෙම තාපය කොයිල් වල ඇති පරිවාරක ද්‍රව්‍ය (Insulators) විනාශ වීමට හේතුවක් වේ. මේ නිසා මෝටර් වැනි උපාංග අධික ලෙස රත්වීමෙන් වළක්වා ගැනීම සදහා විශේෂ උපක්‍රමයක් භාවිතා කල යුතුවේ. බොහෝ විට මෙම Protection උපකරණ ක්‍රියාත්මක වන්නේ අධික ධාරාවක් උපකරණය මගින් ලබා ගන්නා අවස්ථවේදීය. නමුත් මෝටර් වැනි උපකරණ ආරම්භයේදී අධික ධාරාවක් ගන්නා බැවින් එම අවස්ථාවේදී Protection උපකරණ ක්‍රියාත්මක නොවිය යුතුය. එනම් ධාරාව අසාමාණ්‍ය ලෙස වැඩි කාලයක් උපකරණය මගින් ලබා ගන්නා අවස්ථාවේදී පමණක් ක්‍රියාත්මක විය යුතුයි.
මෙම Lord Protection Relay වර්ග ආකාර දෙකක් ඇති අතර ඒවා පහත දක්වා ඇත. මින් වැඩි වශයෙන් භාවිතා වන්නේ Thermal Overlord Relay යන වර්ගය වේ.
01. Thermal Overlord Relay
02. Magnetic Overlord Relay
ක්‍රියාකාරීත්වය
පහත දක්වා ඇති පරිපථ සටහනේ සදහන් පරිදි Contactor යේ T1, T2, T3 අග්‍ර හා මෝටරයේ තෙකලා අග්‍ර අතර මෙම Thermal Overlord Protection (TOP) එක සම්බන්ධ වේ. යම් දෝෂයක් නිසා මෝටරය මගින් ලබා ගන්නා අධික ධාරාව TOP හි තාපන දගර හරහා ගමන් කරනු ලබයි. මෙසේ අධික ධාරාවක් ගමන් කිරීමේදී
තාපයක හට ගනී. එම දගර හරහා තබා ඇති ද්වී ලෝහ පටි (Bimetal Strip) එම තාපය නිසා ප්‍රසාරණය වී එක් පසෙකට දුන්නක් මෙන් නැවෙයි. රූපයේ පෙන්වා ඇති පරිදි එවිට එම චලනය හේතුවෙන් පරිවාරක ද්‍රව්‍ය තහඩුවක් චලනය කර Contactor යේ කොයිලයට ලබා දෙන සැලයුම විසන්ධි කරනු ලබයි. එවිය කොයිලය විසන්ධි වීම නිසා Contactor යේ ප්‍රධාන අග්‍ර විවර වන බැවින් මෝටරය ක්‍රියා විරහිත වේ.
වැදගක් කරුණු
- අවශ්‍ය ආකාරයට TOP ක්‍රියාත්මක වන ධාරාව සීරු මාරු කිරීමට හැකිය.
- Emergency Stop button හා Reset Button එකකින්ද මෙය සමන්විත වේ.
- TOP ඉහළින් ඇති පේනු තුනට Contactor යේ T1, T2, T3 සිට එන අග්‍ර කෙලින්ම සම්බන්ධ කරනු ලැබේ.
මෙම TOP වලද උප පරිපථ Auxiliary කොටසක් පිහිටා ඇති අතර අංකනය පහත රූප සටහනේ දක්වා ඇත.
Bimetal පටිය රත්වී ප්‍රසාරණය වීමේදී N/C ස්විචය (95-96) විවෘත වී Contactor යේ කොයිලයේ සැපයුම විසන්ධි කරනු ලබන අතර N/O ස්විචය (97-98) සංවෘත වී සංඥා පහන් දැල්වීම ආදී ක්‍රියාවන් හා සම්බන්ධ වේ. රිලේ උපාංග වල මෙන්ම මෙහිදීද N/O හා N/C හදුනා ගැනීම සදහා අංකන ක්‍රමයක් භාවිතා කරයි.
අගට
5 - 6 අංක - N/C සදහා
7 - 8 අංක - N/O සදහා
Overlord Protection මෝටරයකට අවශ්‍ය වන්නේ ඇයි?
මෝටරයේ ඇති දගර හරහා ධාරාව ගමන් කිරීම නිසා එම දගරයන් රත්වේ. මෙම අධික උෂ්ණත්වය නිසා දගරයේ පරිවාරක ද්‍රව්‍ය වලට හානි සිදුවිය හැකිය. මෙම ක්‍රියාව මෝටරය Burn out (පිළිස්සී යාම) ලෙස හදුන්වන අතර, එසේත් නැතිනම් මෝටරය භාවිතයේන් ඉවත් කල යුතුවේ.
මෙම හානිදායක තත්වයෙන් මෝටරය ආරක්ෂා කර ගැනීමේ ක්‍රමයක් වශයෙන් Overlord Protection භාවිතා කරයි....
ඉතිං මගේ ලිපි කියවන සියලු දෙනාටම ස්තූතියි සරල දේවල් වලින් අපි මුලික දැනුම බෙදා ගැනීමයි මෙහිදී සිදු කරන්නේ, නමුත් ඉදිරියේදී ගැඹුරින් මෙම කොටස් හා පාලන පරිපථ සම්බන්ධව අපි කතා කරමු.
ඔබට අවශ්‍ය යම් කරුණක් වේනම් පහළින් සටහන් කරන්න. මා ඒ සම්බන්ධයෙන් ලිපියක් සකසා දැනුවත් කරන්නම් .
නැවතත් බොහොම ස්තූතියි
දැනුම බෙදාගන්න මෙම් පිටුව Share කරන්න.
Gayan Bandara - Tech For You Group
076 - 4096053
Niyamai..
ReplyDelete