පරිණාමක පාඩම් මාලාව අංක 01 - Transformers Sinhala Lesson No 01
පරිණාමක පාඩම් මාලාව අංක 01 - Transformers Sinhala Lesson No 01
පරිණාමක යනු දගර දෙකක් හෝ ඊට වැඩි ගණනක් අනෝන්‍ය චුම්භක ස්රාවයකින් (Mutual Flux) බැද පවතින විද්‍යුත් චුම්භක ( Electromagnetic) උපකරණයකි. පරිණාමකවලින් කෙරෙන ප්‍රධාන කාර්යය වනුයේ අවශ්‍යතාවය අනුව වෝල්ටීයතාවය හා ධාරාව අඩු හෝ වැඩි කර ගැනීමයි. පරිණාමක, විදුලි සම්ප්‍රෙෂණය හා බෙදා හැරීමේ සිට ගෘහස්ථ උපකරණ වලද භාවිතයට ගැනේ. විශාල ජව පරිණාමකයක් හා ගෘහස්ථ උපකරණවල භාවිතා වන පරිණාමකයක් පහත රූප මගින් දක්වා ඇත.
ජව පරිණාමකය
ගෘහස්ථ භාවිතා කරන පරිණාමකය
පරිණාමකයක සැලැස්ම
පහත රූපයේ දක්වා ඇත්තේ සරල පරිණාමකයක එතුම්, එහි හරය හරහා සම්බන්ධ වී ඇති ආකාරයයි. මෙහි එතුම් අතර විදුලිමය සම්බන්ධතාවයක් නොමැත. මෙම එතුම් තඹ සන්නයක වලින් යුක්ත වන අතර, ඒවා පරිවරණය කරන ලද මෘදු යකඩ හරයහි (Laminated Iron Core) දෙපැත්තේ කණු (Limbs) වටා ඔතා ඇත. පරිවරණය කරන ලද හරයක් භාවිතා වනුයේ සුළි ධාරා හානිය (Eddy Current loss) වැළකීම සදහා වේ.
ප්‍රාථමික දගරයට (Primary Winding) ප්‍රත්‍යාවර්ථ ධාරා විදුලි සැපයුමට සම්බන්ධ කර ඇති අතර ද්වීතීක දගරය (Secondary Winding) වි බැර(Lord ) සම්බන්ධ කර ඇත. අවශ්‍ය වෝල්ටීයතාවයන් හා ධාරා ප්‍රමාණයන් අනුව දගර වල වට ගණන හා සන්නායකවල හරස්කඩ වර්ගථලය තීරණය කෙරේ.
V1 - ප්‍රාථමික(සැපයුම්)වෝල්ටීයතාවය
V2 - ද්වීතීක වෝල්ටීයතාවය
e1 - ප්‍රාථමික ප්‍රේරිත විද්‍යුත්ගාමක බලය
e2 - ද්වීතීක ප්‍රේරිත විද්‍යුත්ගාමක බලය
N1 - ප්‍රාථමික වට ගණන
N2 - ද්වීතික වට ගණන
I1 - ප්‍රාථමික ධාරාව
I2 - ද්වීතීක ධාරාව
පරිණාමකයක ක්‍රියාකාරීත්වය
පරිණාමකයන ප්‍රාථමික දගරයට ප්‍රත්‍යාවර්ථ ධාරාවක් සැපයීමෙන් එම දගරයේ ඇති වන චුම්භක ස්රාවය, Փ ද ප්‍රත්‍යාවර්තව වෙනස් වන අතර, එය හරය තුලින් ගලා ගොස් චුම්භක පරිපථය සම්පුර්ණ වේ. එසේ ප්‍රත්‍යාවර්තව වෙනස් වන චුම්භක ස්රාවය, Փ නැවත ප්‍රාථමික දගරය තුලින් ගලා යෑමේදී, චුම්භක බල රේඛා කැපීම නිසා සැපයුම් වෝල්ටීයතාවයට ප්‍රතිවිරුද්ධ විද්‍යුත් ගාමක බලයක් e1, ප්‍රේරණය වේ. මෙයට ස්වයං ප්‍රේරණය (self Induction) යැයි කියනු ලැබේ.
--------------------------------------------------------------------------------------------------------------------------
ඉතිං යාලුවනේ අද ටිකක් මහන්සියි අදට පාඩම මෙතනින් නතර කරනවා. ඊ ලග පාඩමෙන් අපි පරිණාමක වර්ග හා ඒවයේ ක්‍රියාකාරීත්වය හා යෙදවීම් සම්බන්ධව කතා කරමු
වැරදි හෝ අවශ්‍ය දෙයක් තියේනම් පහතින් ලියන්න
නැතිනම් මා හට දන්වන්න
076 - 40 960 53
Tech For You Group වෙනුවෙන් ගයාන් බණ්ඩාර ඉදිරිපත් කිරීමක්.
Comments
Post a Comment