මෝටර් Name Plate හදුනා ගනිමු

මෝටර් Name Plate හදුනා ගනිමු.





විදුලි  ක්ෂේත්‍රයේදී අප විවිධ අවස්ථාවන්ට අනුකූල වන ආකාරයේ මෝටර් වර්ග භාවිතා කරනු ලබයි. එම මෝටර් පිළිබද අදාල පිරිවිතර අඩංගු සටහනක් නිෂ්පාදකයා විසින් ඉදිරිපත් කිරීම අන්තර්ජාතික රෙගුලාසීන්ට අදාල නීතියකි.  

මෙහිදී මා මෝටර් වල සදහන් නාම පුවරුව පිළිබදව හා එහි අඩංගු කරුණු පිළිබදව ඉදිරිපත් කරම්. මෙය කියවීමෙන් අදාල මෝටරයේ තාක්ෂණික විස්තර, ආරක්ෂක ක්‍රම උපායන් හා වෙනත් අදාල වැදගත් කරුණු රාශියක් විදුලි කාර්මිකයන් වන අප හට ලබා ගැනීමට හැකිය...



ඉහත දැක්වෙන්නේ සාමාණ්‍යයෙන් මොටරයකට අයත් Name Plate කිහිපයකි. 


එසේනම් අපි බලමු මොනවද මේ Name Plate එකෙන් දක්වන තොරතුරු කියලා....


01. නිෂ්පාදකයාගේ නම හෝ වෙළද නාමය

02. මොටරයේ වර්ගය (Motor Type)

03. මෝටරයේ ධාරා වර්ගය 
            G: Direct Current
            E: Single Phase Current
            D: Three Phase Current 

04. ක්‍රියාකාරී වන අකාරය ( Generator or Motor) 

05. Model Number

06. Serial Number

07. Power Factor

08. Winding වල එතුම (Star or Delta)

09. Phase වර්ගය  (Three Phase or Single Phase)

10. ලබා දිය යුතු වෝල්ටීයතාවය

12. ලබා දිය යුතු වෝල්ටීයතාවයේ සංඛ්‍යාතය (Hz)

13. ලබා දිය යුතු ධාරා අගය (ඇම්පියර් ප්‍රමාණය)

14. මෝටරය කරකැවෙන දිශාව (  Clockwise or aniclockwise)

15. මොටරය කරකැවෙන සාමාණ්‍ය  වේගය (RPM)

16. මොටරයේ ජවය (HP Horse Power)

17. පරිවරණ සංයුතිය (Insulation Class)
     පරිවරණ දුව්‍යවලට ගැලපෙන  ආකාරයට උෂ්ණත්ව අගයන් මෙමගින් නිරෑපණය කරයි. මෙය NEMA (  National Electrical Manufactures Association )  ආයතනය මගින් දෙන ලබන සම්මත සංකේතයකි.

Insulation Class                                                     අදාල උෂ්ණත්වය
     A                                                                            105C
     B                                                                            130C
     F                                                                              155C
     H                                                                            180C

18. බෙයාරින් වර්ගය (Type of Bearing)

19. Safety Factor 

20. මොටරයේ සම්පුර්ණ බර

21. Duty of Rating Class

මෝටරයක් ක්‍රියාත්මක කර යම් කාලයක් ගතවීමේදී ඉන් තාපය පිටවේ. එම නිසා කාලයත් සමග මෝටරයේ උෂ්ණත්වය ඉහළ යයි. මෙම උෂ්ණත්වය වැඩිවූ අවස්ථාවන් වලදී  මෝටරය ක්‍රියා විරහිත කර හෝ භාරයක් රහිතව ( No lord) ක්‍රියාත්මක කර උෂ්ණත්වය අඩු කර ගැනීමට හැකි වේ. මෙලෙස මෝටරයේ උෂ්ණත්වය අනුව ක්‍රියාකාරීත්වය මත S1 සිට S8 දක්වා මෝටර් වර්ගීකරණය කර ඇත. 

S1 යනු පැය 24 පුරාම ධාවනය කල හැකි මෝටර් සදහා ලබා දෙන සංකේතයයි. සමහර මෝටර්වල Cont ( Contunity) ලෙසද මෙය සදහන් කරයි. 

22. මෝටරය ක්‍රියාත්මක වන උෂ්ණත්වය ( Ambient Temperature) 

23. Frame Size

මෙය NEMA (National Electrical Manufactures Association) ආයතනය මගින් දෙන ලබන සම්මත කේතයකි. ඉහත Name Plate සලකා බැලී්මේදී 182 TC , 325T ලෙස අංක කර ඇති ආකරය දක්නට ලැබේ. පහත වගුවෙන් දක්වන්නේ NEMA ආයතනය මගින් කේතයන්ට අදාලව මෝටර් මිනුම් සකස් කර ඇති ආකාරය වේ.  


ඉතිං යාලුවනේ මේ දවස්වල කාර්යබහුල වීම නිසා මා හට නිතර නිතර සටහන් ඉදිරිපත් කිරීමට නොහැකිවීම පිළිබදව කණගාටු වෙමි. ඹබ බලාපොරොත්තුවෙන් සිටින යම් සටහනක් හෝ කරුණක් වේ නම් පහතින් ඔබගේ අදහස් දක්වන්න පුලුවන් උපරිමෙන් මම කරුණු එකතු කරන් ඉක්මණින් ඉදිරිපත් කරන්නම්..


ගයාන් බණ්ඩාර  - Tech For You Group
076 - 4096053

Comments

  1. මෝටයේ කොටස් විස්තර කර එහි කාර්යය පැහැදිලි කරන්න... ස්තූතියි

    ReplyDelete
    Replies
    1. ජෙනරෙටර් සමිබන්දව දාන්න

      Delete

Post a Comment