සන්නායක හා අර්ධසන්නායක (Conductor & Semiconductor) Part - 1

සන්නායක හා අර්ධසන්නායක (Conductor & Semiconductor) Part - 1


...සන්නායන (Conductor)...
සන්නායක කියන්නෙ මීට කලින් සතියේ අපි කතා කල 'විද්යුත් ආරෝපන' වලට ගමන් කල හැකි පරිදි නිදහස් ඉලෙක්ට්රෝණ අඩංගුව ඇති දේවල් වලටයි. මේවා තුලින් විදුලිය ගමන් කරන නිසා මේවා 'සන්නායක' ලෙස හදුන්වනු ලබනවා. මේවාට උදාහරණ ලෙස ආවර්තිතා වගුවේ ඇති යකඩ,තඹ වැනි සියලුම ලෝහ මූලද්රවයයන් දක්වන්න පුළුවන්.
ලෝහ මූලද්රව්ය තුල සුවිශේෂි ලක්ෂණයක් තිබෙනවා. එනම් ලෝහ පරමාණුවල බාහිරතම ශක්ති මට්ටමේ ඇති ඉලෙක්ට්රෝණ නිදහස්ව චලනය විය හැකි පරිදි සකස් වී තිබීමයි.
මේ ආකාරයට නිදහස්ව තියෙන ඉලෙක්ට්රෝන අපි 'මුක්ත ඉලෙක්ට්රෝන' නැතිනම් 'නිදහස් ඉලෙක්ට්රෝන' යන නම් වලින් හඳුන්වනු ලබනවා. මේ ආකාරයට ලෝහ මූලද්රව්ය තුල මුක්ත ඉලෙක්ට්රෝන විශාල සංඛයාවක් පවතිනවා, එනිසා ලෝහ තුලින් විදුලිය ගලායාමට පහසුවෙනවා.
බැටරියක් මගින් විද්යුත් ආරෝපණ සහිත විදුලිය සන්නායකයක් මතට ලබාදුන් විට, සන්නායකයේඇති මුක්ත ඉලෙක්ට්රෝන බැටරියේ (+)ධන අග්රය වෙතට ආකර්ෂණයවී ගමන් කිරීමට පටන් ගනී, එවිට සන්නායකය තුල ඉලෙක්ට්රෝන හිඟයක් ඇති වෙනවා. මෙනිසා බැටරියේ (-)ඍණ අග්රයේ ඇති ඉලෙක්ට්රෝන සන්නායකය මතට ලබාදෙමින්, සන්නායකයේ ඇති ඉලෙක්ට්රෝන අඩුව පුරවනවා. ඉන්පසු නැවත ඒවාද බැටරියේ (+) අග්රය වෙතට ගමන් කරනවා. මේ ආකාරයට අඛණ්ඩව බැටරියේ (-) අග්රය තුලින් ඉලෙක්ට්රෝන ලබාදීම නිසා අඛණ්ඩව විදුලිය ගලායාමක් සන්නායකය තුල සිදුවෙනවා.
ඉතින් මේ සන්නායක වලට නිදසුන් ලෙස තඹ, ඇලුමිනියම්, යකඩ ආදි ලෝහ වර්ග දක්වන්න පුලුවන්. එවගේම රන්, රිදී යන ලෝහ තුලින් අනෙක් ලෝහ වලට වඩා හොදින් විදුලිය සන්නයනය වීමද සිදුවෙනවා.(නමුත් මේවායේ ඇති අධික මිල නිසා මෙම වටිනා ලෝහ විදුලිය සන්නයනය කිරීමට බහුලව යොදා නොගනි.)


....පරිවාරක (Insulator)....




'පරිවාරක' කියලා කියන්නේ නිදහස් ඉලෙක්ට්රෝන නොමැති දේවල් වලටයි. මේවා වල නිදහස් ඉලෙක්ට්රෝන ඇති නොවන පරිදි ඉලෙක්ට්රෝන තදින් එකිනෙකට බැදී පවතින නිසා, මෙවැනි පරිවාරක තුලින් විදුලිය ගමන් කිරීමක් සිදුනොවේ.
මෙවැනි පරිවාරක සදහා නිදසුන් ලෙස රබර්, ප්ලාස්ටික්, පොලිතීන්, හා අලෝහ මූලද්රව්යයන් දක්වන්න පුලුවන්.






....අර්ධසන්නායක (Semiconductor)....
'අර්ධසන්නායක' කියන්නේ සන්නායක වලටත් පරිවාරක වලටත් අතරමැදි ලක්ෂණ පෙන්වන දෙයක්. සාමාන්ය පරිසර උෂ්ණත්වයේදී මේවා තුල නිදහස් ඉලෙක්ට්රෝන පවතින්නේ ඉතාමත් සුලු ප්රමාණයක් පමනයි. එනිසා මේවා තුලින් විදුලිය ගමන් කිරීමක් සිදුනොවන තරම්. ඒ හින්දා මේවා බොහෝ දුරට පරිවාරකවල තියෙන ලක්ෂණ තමා පෙන්නුම් කරන්නේ.
අර්ධසන්නායක වලට උදාහරණ විදියට ප්රධාන වශයෙන්
1)සිලිකන්(Si)
2)ජර්මේනියම්(Ge)
යන ලෝහාලෝහ මූලද්රව්ය දෙක දක්වන්න පුලුවන්, මොකද ඉලෙක්ට්රෝනික උපාංග සෑදීමට බහුලව යොදාගනු ලබන මූලද්රව්ය දෙවර්ගය මේවා වන නිසාය. මීට අමතරව ලෙඩ් සල්ෆයිඩ්, ගැලියම් ෆොස්පයිඩ්, හා ඉන්ඩියම් ෆොස්පයිඩ් වැනි සංයෝගද අර්ධසන්නායක සදහා නිදසුන් ලෙස දක්වන්න පුලුවන්.

ගොඩක් දවසකින් මේ ලිපිය හැදුවේ. ගොඩාක් කාර්ය බහුල වුණා. ඒ පිළිබදව සියලු දෙනාටම මාගේ කණගාටුව ප්‍රකාශ කර සිටිනවා. යාලුවන්ට දැනගන්න මාගේ ලිපි අනිත් අයට Share කරන්න.

Tech For You Group වෙනුවෙන් ගයාන් බණ්ඩාර
076 4096053

Comments