මොනවද මේ Power Factor කියන්නේ සරලව බලමු - පාඩම් අංක 01


මොනවද මේ Power Factor කියන්නේ සරලව බලමු 




 Power Factor

- Active Power                                                          - Positive Power

- Reactive Power                                                    - Negative Power

- Apparent Power                                                      - Power Transfer 


Positive Power 

Generator or Main Transformer  සිට අපගේ ගෘහස්ථ  හෝ කර්මාන්ත  ලෝඩ් එක වෙතට එනු ලබන විදුලිය නොඑසේනම් අප වෙත එවනු ලබන ඉලෙක්ට්‍රෝන ධාරාව Positive Power ලෙස අර්ථ දැක්විය හැක. එසේනම් Live කේබලය මගින්  හෝ Line කේබලය මගින් අප වෙත ලැබෙන ධාරව මෙලෙස හැදින්විය හැකිය.


Negative Power

Lord පැත්තේ සිට නැවත Transformer වෙත යවන ලබන ඉලෙක්ට්‍රෝන ධාරව Negative Power ලෙස අර්ථ දැක්විය හැකිය.

එසේනම් මෙම Negative Power රුගෙන යනු ලබන්නේ Neutral කේබලය හරහා වේ.

අප මුල් පාඩම් මාලාවන්හි කතා කර පරිදි සන්නායකයක් හරහා ඉලෙව්ට්‍රෝන එක් තැනක සිට තවත් තැනකට ගමන් කිරීම විදුලිය ගලායමක් වශයෙන් හදුන්වා දී ඇත.

ඒ අනුව Positive Power හා Negative Powගැන යම් අදහසක් ලබා ගන්නට ඇතැයි මා සිතමි.

මීලගට අපි ප්‍රධානම කාරනාවට අවතීරණය වෙමු 

ඒ තමා Power Transfer -ශක්තිය හුවමාරුව

Power Transfer 

Active Power

Reactive Power 

Apparent Power




Active Power/ Real Power

ගොඩාක් දෙනෙක් මෙම වචන අහද්දී පවා මොනවද මේ මේවා අපිට වැඩක් නෑ. වයරින් ගහන්න ඹ්වා ඕනැද නෙයෙක් කතා කියනවා. හැබැයි එහෙම කියන්නෙත් වග කිව යුතු වයරින් මෙන්ම කර්මාන්ත වයරින් කරන උදවිය ඇත්තටම ඒ ගැන දුකයි. මෙය ලියන මා පවා එහෙම හිතන් හිටිය කාලයක් තිබුණා නමුත් එහි වටිනාකම දැන් තේරෙනවා.


සරලම සරලව මම මෙහිදී තේරුම් කරන්නේ කවුරුන් හෝ මෙය වැරදී කියන්න පුලුවන්නම් ඒ ගැන අභියෝග කරන්න මම සූදානම්.

අපි සරල උදාහරණයක් යොදා ගමු.....

මගේ ලග අපි හැමෝගෙම හිතවතා Hand Phone එකක් තියනවා කියලා හිතමු. මට ඹ්න මේ Phone  එක  ඔයාට එවන්න. එතනදී ඔයාට ප්‍රධාන වෙන්නේ මම එවන Phone එක. එහෙනමි යාලුවනේ අපි Phone එක Activr Power/ Real Power වශයෙන් අර්ථ දක්වමු. 

දැන් මට මේ Phone එක ඔයාට එවන්න ඕන. මම ඒකට භාවිතා කරනවා Box එකක්. අපි පාර්සලයකින් Phone එකක් වගේ දෙයක් යවද්දී Box එකක් භාවිතා කරනවනේ. එහෙනම් මේ Box එක Reactive Power වශයෙන් හදුන්වන්න පුලුවන්...

තව දුරටත් Phone එකේ ආරක්ෂාව සලකා අපි මෙය නොසෙල්වෙන ලෙස පාර්සල් කර ගන්නවා. මෙම පාර්සල් කර ගැනීම අපි Apparent Power වශයෙන් හදුන්වනවා..

එසේනම් ඔබට අවශ්‍ය මොකද්ද Phone එක එක ඔබට එවන්න මම භාවිතානවා Box එකක් හා පාර්සල් කීරීමක්.

එසේනම් ඉහත කී පරිදි 

Active Power  - (P)

Reactive Power - (Q)

Apparent Power - (S) 

ලෙසත් ඒකක වශයෙන් ගණනය කරනු ලබනවා.

ඉහත කී පරිදි ඔයාලට අවශ්‍ය ධාරාව හා වෝල්ටීයතාවය හෙවත් ශක්තිය අපි Phone එක ලෙස ගතහොත් එම ශක්තිය ඔබට ලබා දීමට සැපයුම් පාර්ශවය වෙතින් ඉහත කී උපයෝගිතා යොදා ගන්නවා.

Power Factor

සරලව කියනවා නම් මෙයන් අදහස් වන්නේ අපි විදුලි උපකරණයන් භාවිතා කරන විට, භාවිතා නොකර ඉවත යන විදුලි ශක්තියයි. විදුලි උපකරණයක් භාවිතා කිරීමේදී ඊට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි ශක්ති ප්‍රමාණයක් එම උපකරණයට ලැබෙනවා නමුත් ඒ වැඩි ටික භාවිතයට නොගනෙ අපතේ යනවා. Power Factor  යනුවෙන් අප හදුන්වනු ලබන්නේ එම කොටසයි..

උදාහරණයක් වශයෙන්...

මම ගාව තියන්වා යම් විදුලි උපකරණයක්. එය ක්‍රියාත්මක වන්න 80w අවශ්‍ය වෙනවා.නමුත් එම උපකරණය ක්‍රියාත්මක වීමට 100W අවශ්‍ය වෙනවා, උපකරණය ලබාගන්නේ 80W පමණයි. එහිදී මෙම විදුලි උපකරණ  භාවිතා කිරීමේදී 20W ප්‍රමාණයක් අපතේ යාමක් සිදු වනවා. ඉතිං මෙම අගය තමයි අපි Power Factor වශයෙන් හදුන්වනනේ. ප්‍රතිශතයක් වශයෙන් මෙම අගය ගණනය කරනවා 0.2 කියලා..

ගොඩක්ම Power factor එකක් ඇතිවන්නේ Coil සම්බන්ධ විදුලි උපකරණ වලදී වේ. ඒ කියන්නේ  ලොකු මෝටර්  මගින් ක්‍රියා කරන මැෂින්, විශාල තාපක, විශාල Coil සම්බන්ධ මෙවලම් වලදී තමයි මෙම තත්වය ඇති වන්නේ. 

අප නිවසට විදුලිය ලබා දීමේ සැපයුම්කරු වන විදුලි බල මණ්ඩලය මගින් අප නිවසට Power Factor Meter එකක් සම්බන්ධ කරන්නේ නෑ. නමුත් මහා පරිමාණ කර්මාන්තශාලා හා වෙනත් අධි බැර සහිත උපකරණ භාවිතා කරන ස්ථාන සදහා විදුලි බල මණ්ඩය මගින් Power Factor Meter එකක් සවි කරනවා. ඒ වගේම් එය වෙනමම ගණනය කරල Power Factor සදහා වෙනම බිලක් ඉදිරිපත් කරනවා. 

නමුත් ගෘහස්ථ පාරිභෝකයන් වන අප හට Power Factor Meter සම්බන්ධ නොකලත් අප නොදැනුවත්වම අපගේ විදුලි උපකරණ හරහා අනවශ්‍ය විදියට Power Factor භාවිතා කලහොත් සැපයුම් කරු වන විදුලි බල මණ්ඩලයට අවශ්‍ය ඉල්ලුමට සැපයුම ලබා දීමේදී විශාල ගැටලුවකට මුහුණ පෑමට සිදු වනවා.

එසේම ප්‍රධාන කාරණාව තමයි Power Factor එකක් නැති විදුලි උපකරණද ලෝකේ තියෙන්න විදියක් නෑ. අනිවාර්යෙන් 1-0 අතර අගයක් Power Factor එක විදියට ගන්නවා.

එහෙනම් අපි ඊලග පාඩම් මාලවෙන් බලමු කොහොමද මේ Power Factor එක ගණනය කරන්නේ කියලා 

ඒ ගැන දැනගන්න අවශ්‍යමනම් මාගේ මේ FaceBook පිටුව Share කරන්න. තව යාලුවන්ට කියන්න..

ගයාන් බණ්ඩාර  - Tech For You Group




              


Comments

  1. Meke podi podi tikak wenas unanam supiriyatama oyage presentation eka thiyenawa

    ReplyDelete
  2. Power factor eka enne induction waladi current lag wena nisa.. induction wala di athi wana magnetic field eka nisa.

    ReplyDelete

Post a Comment