PLC මුලික පාඩම් මාලාව - අංක 01 - හැදින්වීම
PLC මුලික පාඩම් මාලාව - අංක 01 - හැදින්වීම
ක්‍රමලේඛිත තර්ක පාලන පද්ධතිය - Programmable Logic Controller (PLC)
Industrial Automation වලදී මෙන්ම නවීන කර්මාන්තවල නොයෙක් පාලන පරිපථ සදහා ඔබ දැක හෝ අසා ඇති මේ PLC ගැන. ඉතිං අපි අද මුලික සාකච්ඡා කරමු මොනවද මේ PLC කියන්නේ, මොනවද මෙම PLC භාවිතයෙන් අපට ලබා ගත හැකි වාසි, මේවායේ සංකීර්ණත්වයක් හා තාර්කික පාලන ක්‍රමවේදය මොකද්ද සහ මේ හා සම්බන්ධ දැනුම ලබා ගන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන්.
දියුණුවෙන තාක්ෂණය තුලින් Transistor මිනිසා විසින් සොයා ගන්නා ලද විශාල කඩඉමක්. Transistor දියුණුවත් සමග Transistor කිහිපයක් එකතුකර සංගෘහිත පරිපථ මිනසා විසින් තම අවශ්‍යතාවයන් සදහා නිපදවනු ලැබුවා. කෙමෙන් දියුණුවන තාක්ෂණය මිනිසාගේ අවශ්‍යතාවන් වෙනුවෙන් තර්ක කරමින් ඉදිරියට ඇදෙද්දී ඇනලොග් යුගය පසුකර ඩිජිටල් යුගය දක්වා පරිවර්තනය වෙමින් ඉතාමත් නිවැරදි ගණනය කිරීම්, දත්ත ගබඩා කිරීම, පාලනය කිරීම, හුවමාරු කිරීම සදහා තව තවත් තාකෂණය ඇදෙන්න වුණා.
මේ අනුව ප්‍රමාණයෙන් විශාල වුණ විශාල ඉඩකඩක් භාවිතා කල මෙවලම් ඉතාම කුඩා ඉඩකඩක සුක්ෂම අන්දමින් නිපදවීමට මිනිසා යොමු වුණා. සංගෘහිත පරිපථවල හැකියාව මදි වුණ මිනිසා සංගෘහිත පරිපථ රාශියක් එකතුකර Processer නිපදවන්න පටන් ගත්තා. මෙහිදී ඔබට තේරෙනවා මෙහිද ප්‍රධාන තේමාව වන්නේ Transistor නම් උපකරණයයි. Processer උපකරණයක සාමාණ්‍යයෙන් Transistor කෝටි ගාණක් තියනවා. එනම් එමගින් කල හැකි තාර්කික ගණනය කිරීම් සංඛ්‍යාවද කෝටී ගාණක් බව ඉන් පැහැදිලි වනවා. තවත් ඉදිරියට යන මිනිසා Processer මගින්ද තම අවශ්‍යතාවයන් සපුරා ගැනීමට ඇති නොහැකියාව හා තාක්ෂණ පෙරළිය හේතු කොට Micro Processer නිපදවනු ලබනවා. Microprocessor - Microcontroller මේ ගණයට අයත් වෙනවා..
Microprocessor භාවිතයෙන් සාර්කථකව අපට නවින ලෝකයේ අවශ්‍යතාවන් ඉටුකර ගැනීමට හා අවශ්‍යතාවන් අනුව හැසිරවීමේ හැකියාව උදාවී තිබෙනවා.
අද භාවිතා වන Computers, Phones, CNC machines, Robotic equipment's සියලු දේමා පාලනය කරනු ලබන්නනෙ මේ Microcontroller උපයෝගි කරගෙන වේ.
මෙහි ප්‍රධාන කාර්ය භාරය පහත පරිදි දැක්විය හැකිය .
මෙහිදී Input Section, Processing Unit, Out put Section හා processer සදහා අවශ්‍ය විදුලිය ලබාදෙන අංශය Power Section වශයෙන් කොටස් කිහිපයකට වෙන්කර දැකිවිය හැකිය.
මොනවද Input Section වලින් කරන්නේ..
ආදන දත්ත ලබාදීමයි මෙහිදී සිදුවන්නේ. එනම් යම් උපකරණයක හෝ ක්‍රියාවලියක අපට අවශ්‍ය දත්ත සැකසුම සදහා ලබා දෙනු ලබන්නේ මෙම Input section මගින් වේ.
එසේනම් කොහොමද අපි දත්ත ලබා දෙන්නේ. මේ සදහා නොයෙක් Input Devices අපට භාවිතා කිරීමට සිදුවනවා.. Switch, Keybords, Limit Switch, LDR, Sensors, wireless Command, Touch Signals වැනි නොයෙක් ක්‍රම මගින් මෙම ආදාන සංඥා අපට පරිපථයකට ලබාදිය හැකිය..
ඉහතින් සදහන් කල Input Devices මගින් දෙනු ලබන සංඥා වලට අනුව අපි processer එකට උපදෙස් දී තිබෙන ආකාරයට
( මෙම Processer එකට ලබා දෙන උපදෙස් මාලාව අපි හදුන්වන්නේ ක්‍රමලේඛණය වශයෙනි. Programe /එතකොට උපදෙස් මාලාව සැකසීම හදුන්වන්නෙ Program කරනවා කියලයි, ක්‍රමලේඛණය කිරීම)
අපිට Out put එක ලබා ගන්න පුලුවන්.
උදා-
මෙහිදි අදාල Fire Sensor එක මගින් Processing Unit එකට දෙනු ලබන සංඥාව අනුව Out put වශයෙන් අවශ්‍ය තීරණ කිහිපයක් ගණු ලබයි.
1. Alarm ON for 5 min.
2. Siren Lamp On 5min
3. Fire Protection Gas On
4. Open all Doors
ඉතිං මෙම තීරණ අප සැකසුම් ඒකකය නැත්නම් Processing Unit එකට දෙනු ලබන්නේ අදලා ක්‍රමලේඛය මගිනි.
මෙහිදී Output 4 ක් ඇත. එමෙන්ම Alarm/Siren Lamp විනාඩි 05 බැගින් ක්‍රියාත්මක කරවීමට අවශ්‍ය ක්‍රමලේඛනය සකසා ඇත.
Processers භාවිතා කරන උපකරණ
01. පරිගණක
02. ගණක යන්ත්‍ර
03. කර්මාන්ත පාලන පද්ධති
04. Arduno Divices
05. PLC Divices
06. Digital Relays
07. Music Processers
මෙවැනි සාමාණ්‍ය සමාජයේ අප භාවිතා කරන සියලුම ඩිජිටල් උපකරණ පාලනය කරනු ලබන්නේ මෙවැනි Processers භාවිතා කර වේ..
එසේනම් අප දැන් බලමු මේ PLC කියන විෂය සම්බන්ධව
Arduno Developer Board
PLC Device
මෙතන ගොඩාක් අය Arduno පාවිච්චි කරලා ඇති. නැත්නම් අපට ඉතාමත් පහසුවෙන් Arduno පිළිබදව ඉගෙන ගන්න පුලුවන්. PLC කියන්නෙත් ඒ වගේම Microcontroller Based Embedded System එකක්මයි. Arduino වාගේ Development Bord වලට සාපේක්ෂව බැලුවොත් Durability, Accuracy, Speed වගේ දේවල් අතින් PLC ගොඩාක් ඉස්සරහින් ඉන්නවා. ඒ වගේම ගොඩාක් Noise තියෙන තැන්වල Harmonic වැඩි තැන්වල භාවිතයට සුදුසු වන්නේ PLC වේ.
මේ PLC හදල තියෙන්නෙම Industrial Automation වලට ම Hard Use කරන්න පුලුවන් විදියට වේ. ගොඩාක් PLC 24 DC වොල්ටීයතාවයකින් තමා වැඩ කරන්නේ.
අප දෙන Input එකට අදාලව Out put එක තීරණය කරල ලියන Program එකක් මේ PLC එකට Uplord කරල තමයි මේකෙන් වැඩ කරගන්න ඕන. සරලව කීවොත් Arduino Board එකක් Program කරල ඒකනේ අපට අවශ්‍ය වැඩ කර ගන්නවා වගේ.
Arduino එකක් Program කරන්න Program Language එක වශයෙන් අපි C Family එකේ Language භාවිතා කරනවා වගේම PLC එකක් Program කරන්න අපිට ප්‍රධාන Language වර්ග 03 ක් භාවිතා කරන්න පුලුවන්.
01. Ladder
02. FBD
03. STL
Arduino වලදී Program කරන්න Arduino IDE Software එක භාවිතා කරනවා. PLC වලදිත් විශේෂ Software තියෙනවා Program කරන්න.අපි ඒ පිළිබදව පසුව සලකා බලමු.
ඉහතින් සදහන් කල ආකාරයට PLC එකක ප්‍රධාන කොටස් 03 ක් අපිට දැකගන්න පුලුවන්.
01. Input Section
02. Process Section
03. Output Section
Input section එකේදී වෙන්නේ PLC එකට අදාල Input ලබා ගන්නා එක. අපි හිතමු Push Button එකක් භාවිතා කරල Motor එකක් On කරගන්න අපි යන්නේ කියලා. ඒ වගේ වෙලාවකදී Push Button එකෙන් ලැබෙන Pulse එක තමා Input එක වෙන්නේ. ඒ input එක අපට ලබා දෙන Input Divice එක තමා Push Button එක වෙන්නේ. මෙන්න මේ Push Button එක PLC එක සමග සම්බන්ධ කරද්දී සම්බන්ධ වෙන්නේ Input Section එකට. තව විදියට කීවොත් විවිධ sensor වර්ග ....
Thermal Sensor, Pressure Sensor, Flow Sensor, Conductivity Sensor, Gas Sensor, Rotary Encoder, Proximity Sensor, Photoelectric sensor, Laser sensor, Color sensor
මේ වගේ කියලා ඉවර කරන්න බැරි තරම් Sensor වර්ග Connect කරන්න තමා Input Section එක යොදාගන්නේ..
Arduino වලදී වගේම මෙම Inputs, Analog Input හා Digital Inputs විදියට කොටස් දෙකකට බෙදනවා. මේවා ගැන වෙන වෙනම අපි ඉස්සරහට කතා කරමු.
Process Section එක ගැන කියන්න කලින් Output Section එක ගැන කියන්නම්. Output Section එකේදි වෙන්නේ Out Put Divices PLC එකත් එක්ක Connect කිරීමයි.මේකදී Contactor, Relay වගේ දේවල් තමයි ගොඩාක්ම පාවිච්චි වෙන්නේ. මේ Contactor, Relay වලට තමයි Motor වගේ දේවල් Connect වෙන්නේ. ඊට අමතරව Stepper Motors, VFD, Pump වගේ ගොඩාක් දේවල් තියෙනවා. මේ දේවල් ගැන වෙන වෙනම අපි ඉස්සරහට කතා කරමු.
තව මේ PLC වල HMI එහෙමත් නැත්නම් Humen Machine Interface එකක්. සරලව කීවොත් Display එකක් Input කරල Touch Input හරහා වැඩ කරන්නත් පුලුවන් මේවා ගැනත් ඉදිරියේදී අපි කතා කරමු.
Output වලදීත් Analog හා Degital විදියට Output වර්ග දෙකක් තියෙනවා.
Processing Section එක ගැන කීවොත් මෙතනදී වෙන්නේ අපි දීල තියෙන Program එකේ විදියට ලැබෙන Input වලට අනුව Output ලබා දීමයි. ඇත්තටම කීවොත් Input Section එකෙන් ලැබෙන Signal එක Process කරල ඊට අදාල Out put Signal එක Output Section වෙත යවන එක තමයි වෙන්නේ. ඉහතදී අප කතා කරා වගේ PLC එකේ Processer එක විදියට තියෙන්නෙත් Microcontroller එකක්.
එහෙනම් මේ කරුණු සම්බන්ධයෙන් යම් ගැටයලුවක් හෝ දැන ගැනීමට යමක් අවශ්‍යනම් මාව සම්බන්ධ කරගන්න .
යාලුවන්ට හැමෝටම බලන්න Share කරන්න.
076 - 9065535
070- 5506783
bandaragayan825@gmail.com
Facebook - Gayan Bandara
Tech for you Group All Rights Received
නියමයි.. ගොඩක් වැදගත් ලිපියක් .. ගොඩක් අය නොදන්නා විශයක්..
ReplyDeleteනියමයි.. ගොඩක් වැදගත් ලිපියක් .. ගොඩක් අය නොදන්නා විශයක්..
ReplyDelete