ර්‍ ප්‍රතිදීප්ත පහන - පියරුසි පහන- Fluorescent Lamp - හරියට ඉගෙනගමු

 ප්‍රතිදීප්ත පහන - පියරුසි පහන- Fluorescent Lamp - හරියට ඉගෙනගමු


සාමාණය සූත්‍රිකා විදුලි පහනින් (Incandescent Bulb) ලබා ගත හැකි ආලෝක ප්‍රමාණයට වඩා වැඩි ආලෝක ප්‍රමාණයක් මෙම ප්‍රතිදීප්ත පහන මගින් ලබා ගත හැකිය. සාමාණය 1w ජව ප්‍රමාණයක් ඇති සාමාණ්‍ය සුත්‍රිකා පහනක් මගින් 10 lum පමණ ආලොකයක් නිපදවා ගත හැකි අතර, 1w ප්‍රතිදීප්ත පහනක් මගින් 50 lum පමණ ආලෝකයක් ලබා ගත හැකි වේ. මේ අනුව සාමාණය සුත්‍රිකා පහණක් මෙන් එකම ජව සැපයුමකදී පස් ගුණයක් පමණ වැඩි ආලෝකයක් ප්‍රතිදීපත් පමණක් මගින් ලබා ගත හැකි වේ. 

තවත් අයුරකින් කීවොත් 40w සුත්‍රිකා පහන් 05 ක් මගින් ආලෝකමක් කල යුතු ස්ථානයක් එක් 40w  ප්‍රතිදීප්ත පහනක් මගින් ආලෝකමත් කල හැකි වේ. මෙමගින් ප්‍රතිදීප්ත පහන් භාවියතයෙන් විදුලි බලය ඉතිරි කර, අඩු පිරිවැයකින් වැඩි ආලෝකයක් ලබා ගත හැකි වේ. 

ප්‍රතිදීප්ත පහන් බටය




මෙම ප්‍රතිදීප්ත පහනේ වීදුරු බටය ඇතුලතින් බිත්තියෙහි පොස්පරස් මිශ්‍රිත රසායනික කුඩු සංයෝගයක් ආලේප කර ඇත. මෙම පොස්පරස් කුඩු වලට අමතරව මැග්නීසියම් හා ටංස්ටන් රසායනික සංයෝගද මිශ්‍ර කිරීම මගින් පහනින් නිකුත් කරන ආලෝකය ඇසට හිතකර නිලට හුරු සුදු පැහැති ආලොකයක් බවට පත් කරනු ලබයි. තවද පොස්පරස් රාසයනික කුඩු මිශ්‍රණයටද එකතු කරන රසායනික සංයෝගයන් මත පහනේ ආලෝකය වෙනස් වේ. ඉහත සදහන් කල පොස්පරස් සහිත සංයෝගය ෆ්ලොරසන්ට් (Fluresent) කුඩු ලෙස හැදින්වේ. ප්‍රතිදීප්ත පහනේ දෙපස කුඩි සුත්‍රිකා දෙකක් යොදා ඇති අතර, එම සුත්‍රිකා වල ආයු කාලය වැඩි කර ගැනීම සදහා බේරියම් (Ba) සහ ස්ට්‍රොන්ටියම් (Sr) යන ලෝහ ඔක්සයිඩ වර්ග අලේප කර ඇත. 

සිසිල්ව පවතින අවස්ථාවේදී මෙම සුත්‍රිකා දෙකහි ප්‍රතිරෝධය 1.5ohms - 3ohms අතර අගයක් ගනී.

ප්‍රතිදීප්ත පහන දැල්වෙන අවස්ථවේදී ඇති වන ඉලෙක්ට්‍රෝන පැනිම නිසා ඇසට නොපෙනෙන පාරජම්බුල කිරණ (Ultra Violet Rays) නිකුත් කරයි. මේවා ෆ්ලොරසන්ට් කුඩු තට්ටුව හරහා ගමන් කරන විට ඒවා ඇසට හිතකර ආලෝක කිරණ බවට පරිවර්තනය වේ. තවද ප්‍රතිදීප්ත පහන් බටය තුළ ප්‍රධාන වශයෙන් අඩංගු කර ඇත්තේ අධි පීඩන රසදිය වාෂ්ප වේ. මෙලෙස යොදා ගැනෙන අතිරේක වායුන් මතද පහනේ ආලෝකය වෙනස් වේ. 

                බටයේ දිග                        ජවය (W)

                අඩි 2                                20

                අඩි 4                                40

                අඩි 5                                65

අනුබාධක දගරය - Choke



ප්‍රතිදීප්ත පහන් පරිපථයට සම්බන්ධ වන ප්‍රධානතම කොටසක් ලෙස අනුබාධක දගරය හැදින්විය හැකිය. මෙම දගරය සදා ඇත්තේ ආස්තරනය කරන ලද තුනී ලෝහ තට්ටු රාශියක් ( Lamination Plate) මත දගරයක් එතීම මගිනි. දගරයෙහි දොකෙලවර පිටතට ලබා ගෙන ඇත. මෙම දෙකෙලවර ප්‍රතිදීප්ත පහන් පරිපථයට ශ්‍රේණිගතව සම්බන්ධ කෙරේ. ප්‍රතිදීප්ත පහනේ ජවය අනුව (Choke ) තෝරා ගත යුතු වේ. එනම් අඩි 2 දිග 20W ප්‍රතිදීප්ත පහන් පරිපථයක් සදහා 20W (Choke) එකක්ම තෝරාගත යුතු වේ. 

මෙම Choke එක මගින් සිදුවන කාර්යයන් දෙකකි.

1.    ප්‍රතිදීප්ත පහන දැලිවීම ආරම්භ කරන අවස්ථවේදී පර්පථයට 500V- 1000V අතර අධිවෝල්ටීයතාවයක් ලබා දීම.

2.    පහන දැල්වෙන අවස්ථවේදී පරිපථයට ශ්‍රේණියගව ඇති ප්‍රතිරෝධයක් ලෙස ක්‍රියා කර පරිපථයේ ගලන ධාරව අඩු කිරීම.


ආරම්භකය - Starter 



ප්‍රතිදීප්ත පහනක් දැල්වීම සදහා ආරම්භකයක් අවශ්‍ය වේ. කුඩා වීදුරු බටයක් තුල ඉලෙක්ට්‍රෝඩ දෙකක් සවි කර මුද්‍ර තබා Starter එක නිපදවා ඇත. මෙම ඉලෙක්ට්‍රෝඩ දෙක ද්වී ලෝහ පටි මගින් සකසා ඇත. ඇතැම් Starter වල එක් ද්වී ලෝහ පටියක් පමණක් මගින් ඉලෙක්ට්‍රෝඩය සකසා ඇති ආකාරය දක්නට ඇත. සාමාණ්‍ය අවස්ථවේදී මෙම ද්වී ලෝහ පටි දෙක ඈත්ව පිහිටයි. Starter එකේ වීදුරු බට තුල අඩු පීඩනයක් යටතේ හීලියම්, හයිඩ්‍රජන්, ආගන් වායු මිශ්‍රනයක් ඇතුලත් කර තිබේ. මිට අමතරව ඉලෙක්ට්‍රෝඩ දෙක අතරට කුඩා ධාරිත්‍රකයක් සමාන්තරගතව සම්බන්ධ කර ඇත. මෙම ධාරිත්‍රකය නිසා ප්‍රතිදීප්ත පහන දැල්වීම ආරම්භයේදී ද්වී ලෝහ පටිය අතර Spark වීම නිසා ඇතිවන අධි සංඛ්‍යාත මැඩ පවත්වයි. මෙම ධාරිත්‍රකය නොතිබුණේනම්, ද්වී ලෝහ පටි Spark වීම නිසා ඇතිවන අධිසංඛ්‍යාත මගින් ගුවන් විදුලි හා රූපවාහිනී තරංග වලට බාධා ඇති වේ.

තවද ප්‍රතිදීප්ත පහනේ ජවයට සමාන ජවයෙන් යුත් Starter අදාල බල්බ සදහා භාවිතා කල යුතු වේ. තවද Starter හි ඇති ද්වී ලෝහ පටි Spark වීම සදහා අග්‍ර වලට අවශ්‍ය අවම වෝපල්ටීයතාවට ලැබිය යුතුය.




එසේනම් අපි ප්‍රතිදීප්ත පහන් පරිපථයක සැකසී ඇති ආකාරය හා එහි ක්‍රියාකාරීත්වය ඉදිරියේදි සාකඡ්චා කරමු.

ගයාන් බණ්ඩාර - 

Tech for you Group වෙනුවෙන්

මා හා සම්බන්ධ වන්න

07690 655 35





Comments