PLC මුලික පාඩම් මාලාව - අංක 03 - Input, Out puts, Memory and more

  PLC මුලික පාඩම් මාලාව - අංක 03 - Input, Out puts, Memory and more






අපි මුලික පාඩම් මාලවක් හැටියට කරගනෙ යන මෙම PLC වැඩසටහනේ කලින් ඉදිරිපත් කරන ලද කොටස් වලින් මුලික PLC කොටස් පිළිබද කතා කරා.

නමුත් කිහිප දෙනෙක් මාගෙන් විමසුවා Input හා Outpts සම්බන්ධයෙන් තව දුරටත් කතා කරන ලෙසට...

එසේනම් අද අපි ඒ පිළිබදව තව දුරටත් විමසා බලමු.


ඕනැම PLC එකක් කොටස් 5 කින් යුත්ත වෙනවා...


01. ප්‍රදානය 

Limt Switch, Push Button, Sensors, ආදාන උපකරණ මගින් ලැබෙන සංඥාවල ප්‍රමාණය මැන ගැනී්මෙන් පසු ඒ අගයන් සැකසුම් කිරීමේ අදියරට සම්ප්‍රේෂණය කිරීම මෙම අදියරේ ප්‍රධාන කාර්යය වේ. ප්‍රදානයන්ගේ භෞතික අගයන් විවිධ පාරනායක මගින් විදුලි සංඥා බවට පත් කරනු ලබයි. මෙම පාරනායක එබුම් ස්විච වෙනත් ස්විච වර්ග උෂ්ණත්ව සංවේදක, පීඩන සංවේදක ආදිය විය හැකිය. භාවිතා කරන පාරනායක අනුව ප්‍රදානය කරන තොරතුරු සංඛ්‍යාංක හෝ ප්‍රතිසම විට හැකිය. 



02. ප්‍රතිදානය

PLC වල ප්‍රතිදානයන් ලෙස පිළියවන, පහන්, පරිනාලිකා, නියුමැටික් පාලන පද්ධතිවල දිශා පාලන කපාට (Directional Control Valve) සම්බන්ධ කල හැකිය.

ප්‍රදානයේදී පාරනායක යොදන අතර මේ පාරනායක වලින් සංඥා විවිධි  භෞතික රාශී බවට පත් කිරීමට හැකියාව ඇත. විදුලි පහන්, විදුලි මෝටර, පිළියවන සහ විවිධ පොම්ප වර්ග ආදිය ප්‍රතිදාන උපකරණ වලට උදාහරණ වේ. ප්‍රතිදාන උපක්‍රම සංඛ්‍යාංක හෝ ප්‍රතිසම විය හැකිය. 



03. ජව සැපයුම.

PLC වල සෑම කොටසක්ම අර්ධ සන්නායක වලින්  යුක්ත නිසා ඉතා නිවැරදි ජව සැපයුමක් අවශ්‍ය වේ. බොහෝ ජව  සැපයුම් 100v- 230v දක්වා යෙදිය හැකිය. ප්‍රතිදානය 12V සිට 24V දක්වා වෙනස් වේ. ලබාගත හැකි ධාරව PLC වර්ගය අනුව වෙනස් වේ. 



04. මධ්‍යම සැකසුම් ඒකකය.

සංඛ්‍යාංක 16 හෝ 32 දත්ත භාවිතා කල හැකි අතර, අභ්‍යන්තර අනුලැකි (registers) අදාළ සංඛ්‍යාංක සංඛ්‍යාව තැන්පත් කර තබා ගැනීමට සමත් වේ. අධිවේගී දත්ත සදහා ප්‍රතිචාර දැක්විය හැකි අතර පරිගණක ආධාරයෙන් වෙනත් PLC සමග සම්බන්ධ විය හැකිය. ක්‍රමලේඛයේ උපදෙස් එකිනෙකට අධීක්ෂණය කල හැකි අතර, පද්ධතිය ක්‍රියාත්මක වන අතරතුර ක්‍රමලේඛය වෙනස් කර හැකිය. 




05. මතකය

User Memory හා Data Memory වලින් යුක්ත වේ. දත්ත තැන්පත් කර ඇත්තේ RAM වලය. තවද භාවිතා කරන්නගේ ක්‍රමලේඛ (User Program) ද, RAM වල දත්ත ලෙස තැන්පත් කර ඇත. 


යම් කාර්යයක් සදහා PLC තෝරා ගැනීමේදී පහත සදහන් කරුණු පිළිබදව සැලකිල්ලක් දැක්විය යුතු වේ. 

1. ප්‍රදාන හා ප්‍රතිදාන අග්‍ර සංඛ්‍යාව

2. ක්‍රමලේඛ ධාරිතාව ( Program Capacity)

3. මධ්‍යම සැකසුම් ඒකකයේ වේගය

4. සන්නිවේදන ක්‍රමවේදය

සන්නිවේදනය යනු පරිගණකයේ සිට PLC වලට සහ PLC වලින් වෙනත් PLC වලට දත්ත හා ක්‍රමලේඛ සම්ප්‍රේෂණය කිරිම සදහා භාවිතා කරන ක්‍රමවේදයයි. බොහෝ විට මේ සදහා PLC වලටම අවේණික යොත් භාවිතා කරයි. 

PLC ක්‍රමලේඛය සදහා භාවිතා කරන ක්‍රම.

01. ඉණිමං ආකරය ( Ladder )

02. උපදෙස් ශ්‍රෙණියක් මගින් ( Instruction List)

03. කැටි සටහන් මගින් ( Functional block Diagram)

04. අනුක්‍රමික ක්‍රියාකාරීත්ව සටහන් මගින් (sequential Function Chart)

එසේනම් අපි ඊ ලග පාඩමෙන් සරල PLC වැඩසටහනක් සකසමු 


වැරදි  යෝජනා/ චෝදන තියේනම් මට එවන්න 

යාලුවො හැමෝටම දැනගන්න Share කරන්න 

Tech For You Group  - Gayan Bandara

Comments