PLC මුලික පාඩම් මාලාව - අංක 02 - මුලික ක්‍රියාකාරීත්වය

 PLC මුලික පාඩම් මාලාව - අංක 02 - මුලික ක්‍රියාකාරීත්වය





ඔයාලා මගේ කලින් PLC පාඩම බැලුවේ නැත්නම් පහත ලින්ක් එකෙන් ඒක බලල එන්න.

https://techforyoucontent.blogspot.com/2020/09/plc-01.html

ඉතිං අමතක නොකර තවත් අයට බලන්න Share කරන්න 

අද අපි කතා කරන්නේ PLC වල සාමාණ්‍ය ක්‍රියාකාරීත්වය පිළිබදවයි.

අපි මුලික කොටස් 3ක් ගැන පළමු පාඩමෙන් කතා කලා,

01.    Input Section 

02.    Process Section

03.    Output Section 

ඉතිං එහෙනම් බලමු මේවායේ ක්‍රියාකාරීත්වය 




Input Section හරහා ලැබෙන සංඥා PLC එකේ Input memory එකට ගිහින් Input Memory එක Update වෙනවා. ඒ Update උන Memory එකට අනුව අපි කලින් Upload කරලා තියෙන Program එක Run වෙලා  ඒ අනුව Input වලට අදාල Out put memory එක Update කරන එක තමා සිදුවන්නේ. ඉන්පසු Out put memory එකට අනුව Output card එකෙන් Output දෙනවා. 

Digital Input Card

PLC එකට අපි දෙන Digital input, Optocoupler හරහා තමයි එකට සම්බන්ධ වෙන්නේ. එහෙම කරල තියෙන්නේ MCU (Microcontroller Unit) එකෙන් Input Side එක Isolate කරල තියාගන්න ඕන නිසා. මේ ආකාරයට Microcontroller එකට ලැබෙන Digital input, input memory area එක තුල ගබඩා කරගෙන, ඒ අනුව Program එක ක්‍රියාත්මක වෙනවා. 

PLC එකේ Input Memory Area ගැන ඉස්සරහට අපි කතා කරමු. 

ඒ වගේම Memory bit, Timers, Counters ගැනත් ඉගෙන ගන්න තියෙනවා. 

මොකක්ම හෝ ගැටලුවකට අදාල විසදුමක් අපිටLogic Gates වලින් අදින්න පුලුවන්. එහෙම කරගත්තම ඒ Logic එක අපට Ladder Program එකකට පෙරලන්න හරිම ලෙසියි.

Logic Gate ගැන මීලගට පාඩමක් මම ඉදිරිපත් කරනවා. 

එහෙනම් අපි ඉක්මණින් ඒ පාඩමෙන් හමුවෙමු

Gayan  Bandara - Tech For You 

0769065535 

Comments