ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයේ ඉතිහාසය - Tech For You - Gayan Bandara
ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයේ ඉතිහාසය ලෝකයේ විදුලිබලයෙන් අලෝකමත්වූ පළමු නගරය ලෙසට ඉතිහාසගත වූයේ එංගලන්තයේ බ්‍රිස්ටල් නගරයයි. ඒ 1881 ජූනි මස 26 වැනිදායි. එසමයෙහි බ්‍රිතාන්‍යයේ යටත්විජිතයක්ව පැවති ශ්‍රී ලංකාවේ කොළඹ වරායට 1882 වර්ෂයේදී යාත්‍රා කළා වූ එස්එස් හේලියෝස් (SS Helios) නම් නෞකාවේ ප්‍රථම වරට විදුලිබලය දැකගැනීමට අප රටට අවස්ථාව උදාවිය. 1890 වර්ශයේ ඩීසල් විදුලි ජනක යන්ත්‍රයක් භාවිත කරමින් ශ්‍රී ලංකාව තුළ ප්‍රථම විදුලි බල්බය දල්වන ලද්දේය. ඒ කොළඹ කොටුවේ බ්‍රිස්ටල් හෝටලයේ බිලියඩ් කාමරය තුළය. මේ හැරුණුවිට පසුකාලීනව බ්‍රිතාන්‍යයන් විසින් පවත්වාගෙන යන ලද ඔවුන්ගේ වැවිලි වතුයායන් (plantation estates)වල ද විදුලිබලය භාවිතා වූ බවට සාක්ෂි ඇත. 1895 වර්ෂයේ බූස්ටඩ් සහෝදරයෝ ආයතනය විසින් කොළඹ දී ප්‍රථම වරට විදුලි සැපයුම සිදු කිරීම අරඹන ලද අතර ශ්‍රී ලංකාවේ විදුලිබල ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවක් විය. කලම්බො ඉලෙක්ට්‍රික් ට්‍රෑම් වේස් ඇන්ඩ් ලයිටින් සමාගම (CETLC) හා කැන්ඩි ලයිටින් සමාගම විසිවන සියවසේ මුල් දශකය තුළ ඔවුන් විසින්ම තම තමන්ගේ මෙහෙයුම් සඳහා අවශ්‍ය වූ විදුලිබල සැපයුම් සපුරාගන්නා ලද්දේය. ඉ...